දහඅටවන මේඝය

940 135 45
                                    

උදේ පාන්දරම දැකපු හෙනම ජල්තර හීනයක් හින්දා මන් ඉබේටම නැගිට්ටේ ඒ හැටි හොඳ මූඩ් එකකින් නම් නෙමෙයි..

අම්මේ මගේ ඔලුව... මාරම සැපක් තියෙන්නේ...

ඇඳට ආවේ කොහොමද කියලවත් මතක නෑ... බ්වෑක්කා ඊයේ ඇඳපු සරුවාලෙමයි තාමත් ඇඟේ තියෙන්නේ.. ගඳේ බෑ... මට මාවම අප්පිරිය්යි හත්තික්කේ.. සදාකාලිකව සමාදානේ සැතපෙන්න හිතෙනවා ඊයේ උණු දේවල් මතක් වෙද්දි.. ඊයා ඒතරම් නින්දාවක්... බඩ පපුව දාලා යනවා....

බ්ලැන්කට් එකත් ඔතාගෙන මන් ෆෝන් එක අතට අරගන්න හදනකොට ම කෝල් එකක්...

වෛද්‍යතුමා මොකත මේ මාව අමතන්නේ...

නැගිට්ට පැදුරෙන්ම ආපු ඩොක්ටර් නුගාරගේ කෝල් එක දිහා බලාගෙන මන් ප්‍රාර්ථනා කරේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන ඒ ගුජුප්සාජනක ආරම්චිය නම් වෙන්න එපා කියලා...

"හෙලෝ.. ගුඩ්මෝනින්... ඩොක්ටර්..."

ගුඩ් මෝනින් කෙසේ වෙතත් එහා පැත්තේ ඉදන් මහ හිරිකිත හුකු හුකුවක් නම් ඇහෙන්න ගත්තා.. හරිනේ අමාරුව.. මට තේරෙනවා දැන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා...

විනාඩියක් දෙකක් හැක හැක ගාලා ඉවර වුණු ඩොක්ටර් නුගාර යන්තන් කතා කරන්න ගත්තා.. තව ටිකක් වෙලා බලලා කෝල් එක කට් කරන්න ඉදියේ මන්.. ඇයි යකෝ... මේ මනුස්සයා හිනා වෙනවා අහ අහා ඉන්නවට වඩා මට වෙන වැඩක් නැද්ද....

"අවින්දි... නයිස් වෝකල්ස් ආහ්... "

එහෙම කියලා ආයේ හිනාවෙනවා... හා ඉතින් කමක් නෑ.. මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ...

"තෑන්ක්ස් ඩොක්ටර්... සමාවෙලා කියනවද.. ලැව් ගින්නක් වගේ ඕක පැතිරුණේ කොහොමද කියලා... "

"අයියෝ මොකක්ද ළමයෝ.. ඉන්ස්ටග්‍රෑම් පැත්තේ ගියේ නැද්ද ආසාවටවත්... හෑශ් ටැග් එකක් පවා හැදෙයි වගේ... බලන්නකෝ ගිහිල්ලා...."

"මේ හලෝ... නැගිට්ටනම් කුටු කුටු ගාන්නැතුව ඉන්නවද ප්ලීස්..."

මන් ඩොක්ටර් නුගාර එක්ක කෝල් එකේ ඉද්දි.. දොර ගාවින් කළුකුමාරයා කෑගැහුවා...

පිස්සෙක්නේ මහා... මේ කෝල් එකෙ ඉන්න මනුස්සයට ඇහුනද දන්නෙත් නෑ.. ශික් කට පියන් ඉන්න බැරි හැටි...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now