බෝනස්...!!

799 142 35
                                    

ස්ටුඩියෝ එකත් වහලා මන් ඉක්මනට  පාරට ආවේ හෙට නුවරඑළියේ යන්න sweaters ටිකක් අරගන්න.. අර යෝධයා අරන් දෙනකන් ඉදියොත් මගේ මිනියට තමයි ඔව්වා අන්දන්න වෙන්නේ... රාජගිරියේ ඉදන් 176 බොරැල්ලට ඇවිත් මන් හොයපු කඩේ හොයාගෙන මන් ඇවිදගෙන ගියේ කරේ තිබුණ බැක් පැක් එකේ පටි දෙක හයියෙන් තද කරලා අල්ලගෙන.. කියන්න බෑනේ මොකෙක් හරි වසම්ගතයක් ඇදන් දිව්වොත්...

මහන්සි හත්තික්කේ.. ඒත් අර මේඝ කියන මනුසතා එක්ක බෑනේ.. ඇහුවට කියන්නෙත් නෑ මොන බම්බුවකට යනවද කියලා.. ලියුමක් එහෙම ලියලා තියලා යන්නත් හිතෙනවා.. බැරි වෙලාවත් මරලා දැම්මොත්... කමක් නෑ මේ කාලේ ඔහොම ට්‍රිප් එකක් යන්න හම්බෙනවා කියන්නේ ඉතින් දිව්‍ය සම්පතක් වගේ තමයි..

ශොප් එකට ගිහින් ස්වෙටර්ස් දෙකකුයි අයිස් කැප්ස්.. ග්ලවුස් අනම් මනම් ඔක්කොම ටික අරගෙන මන් එළියට ආවේ වටේම රැක්ස්වල එල්ලලා තිබුණ ඇඳුම් දිහා බල බලමයි.. බුදාම්බෝ ඇඳුම් නම් ආයේ සම්මෙකට ගන්න ඕන වෙන්නෑ.. ගත්තනේ සේසතම වියදම් කරලා.. ඇඳපන් දැන් එව්වා පට්ට ගැහෙනකන්....

ඇඳුම් බෑග් ටිකටත් පේ කරලා මලු ටිකත් අරගෙන ශොප් එකෙන් එළියට යන්න ආවේ ඉක්මනට බස් එක අල්ලගන්න ඕන හින්දා.. ඒත් එකපාරටම මනුස්සයෙක් මගේ ඇඟේ හැප්පුනේ අතේ තිබුණ බෑග් මලු සේරම එක්ක මාත් දඩෝරියන් ගාලා බිම පතිත වෙද්දි...

යකෝ මේ මුළු සෞරග්‍රහ මණ්ඩලේටම ඉන්න යක්කුන්ට හැප්පෙන්න තියෙන්නෙ මගේ ඇඟ විතරද බොල.. මොන සාපයක්ද මේක.. බිම වැටීගෙන වුණත් කලින් සිද්දිය මතක හින්දා මන් මගේ බෑග් එක හයියෙන් බදාගත්තා.. ආයේ පොලීසි ගානේ ලගින්න බෑ රජෝ...

"ඕ මයි ගෝඩ්.. අයිම් රියලි රියලි සොරි.. කෝ නැගිටින්න නැගිටින්න... ප්‍රශ්නයක් නෑ නේද..."

කැත නැතුව අහන හැටි...

මන් මොකුත් නොකියම මූණට වැටුණු කොණ්ඩෙත් පස්සට දාගෙන නැගිට්ටේ මූත් එක්ක හුරුතල් වෙවී ඉන්නවට වඩා කෝම හරි බස් එක අල්ලගන්න එක වැදගත් නිසා..

"ඩොක්ටර් නුගාර... හත්තික්කේ වට් අ concidence.. ඕහ් සොරි සොරි.. පොඩ්ඩක් එක්සයිට්මන්ට් එක වැඩි වුණා.... හත්තික්කේ නෑ හරිද..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now