හයවන මේඝය

936 154 51
                                    

උදේ පාන්දර නිකන් හීනෙන් වගේ සැරෙන් සැරේ ෆෝන් එකක් රින්ග් වෙන සද්දෙ ඇහෙන්නෙ මොකද මන්දා..

මන් ඇඳේ අනික් පැත්තට හැරෙන ගමන් නිදි මරගාතේ කොට්ටෙ කන් දෙක අස්සට තද කරගත්තේ මේ කන් කරච්චලේ ඇහෙන්නැතුව සනීපෙට නිදාගන්න ඕන නිසා...

මොන සාපයක්ද මේක...

කොච්චර කරත් නවතින්නෙත් නෑ.. ඇස් දෙක තදකරගෙනම මේසේ අතපත ගාලා යන්තන් ෆෝන් එක අතට ගත්තේ හිතුණොත් පොළොවෙම ගහලා දාන්න.. ඇයි යකොව්.. නිදාගන්න එකේ නිදහසවත් නෑනේ මේ මංගල්ලෙ හින්දා...

හිටහම්කෝ කතා කරන එකාටත් දෙකක් කියලම පොළොවේ ගහනවා...

ඇඳේ ඉඳගෙනම මන් ෆෝන් එක ආන්සර් කරලා කන ගාවට ගත්තා විතරයි මතක , නිකන් බෝම්බයක් කන අස්සෙ පිපිරුවා වගේ ෆෝන් එක ඇතුළෙන් එකෙක් ලතෝනි තියන්න ගත්තේ ඉද්ද ගැහුවා වගේ මන් ඉබේම නැගිට්ටිලා ඇඳේ ඉන්දවෙද්දි...

"ඕයි මේ අහපන්.. තොගේ ඔය ඉලව් ෆෝන් එක මොන මගුලකටද තියන් ඉන්නෙ.. ගලක් අරන් තව ගලක් උඩින් තියලා තලලා දාපන්.. කීයේ ඉදන්ද ගන්නේ උබට..  තාම නිදිද නැගිටපන් හොඳ හිතින්..."

ලපයා කියවගෙන කියවගෙන යන්නෙ ඉන්ටර්සිටි ට්‍රේන් එක වගේ...

"උබට නින්ද.... යන්නැද්ද... බම්.... පිස්සුද මේ මල උදේ.. පවු නොදී රෙද්දක් පොරවම් බුදියපන්.... මන් තියනවා ගුඩ්නයිට්..."

මන් කෝල් එක කට් කරන්න හදනකොටම ආයෙම කෑ ගහනවා.. මොන කරුමයක්ද මන්දා..

"අහපන්.. මිනිහෝ කියන එක.. අර ප්‍රොජෙක්ට් එකක් භාරගත්තු කම්පනි එකේ කේස් අදිනවා.. අපි දුන්නු සාම්පල් උන් කියපු විදිය නෙමෙයි ලු.. රිජෙක්ට් කරන්න යන සීන් එකක් තියෙන්නෙ.. ඩිරෙක්ටර්කාරයා අද උදේ හයයි ගාණේ ෆ්ලයිට් එකකින් රට යනවා කියලා අපිට එන්න කිව්වා හතරයි තිහ වෙද්දි ඌව හම්බෙන්න..  තෝ නිදාගනින් තව..."

"මො... මොකක්... කීයටද උබ කිව්වේ.. වෙලාව..."

"හතරයි තිහ මිනිහෝ..."

"ඉතින් දැන් හතරයි කාලයිනේ මිනිහෝ.. මන් කෝමද එන්නේ.. "

"තොට ඒක තමා තුනේ ඉදන් කතා කරන්නේ.. දැන් කරන්න දෙයක් නෑ මන් යන්නම්.. උබ තනියම පලයන් ස්ටුඩියෝ එකට..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now