තිස්තුන්වන මේඝය

1.2K 158 33
                                    

Megha's pov

ආට් ගැලරි එකේ අන්-ඔෆීශියල් කන්ට්‍රෑක්ට් සයින් කරළා සතියක් ඇතුළත ආට් ගැලරි එක ඕපන් කරන්න අපි තීරණය කළා... සතියක් ඇතුළත ඕගනයිස් කරන්න සෑහෙන දේවල් තිබුණු නිසා නට්ලූස් ඉදියේ පස්ස කැඩිච්ච කඩියෙක් වගේ ඔලුව ගිනි අරගෙන....

මගේ නම් වෙනසක් නෑ.. මට හැමදාම තියෙන වර්ක් ලෝඩ් එකත් එක්ක ඒ වැඩ ටික මැනේජ් කරගන්න එක එච්චර ලොකු අවුලක් නෙමෙයි.. ඒත් ඔහේ කකා බිබී බකන් නිලන් ඉඳලා මොළේ වේළුනු මනුස්සයෙක්ට නම් සතියකින් ඕපනින් එකකට රෙඩි වෙනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්...

ෆේමස් ආටිස්ට්ලගේ ආර්ට් වර්ක් කීපයකම ඔෆීශියල් කොපීස් ගෙන්න ගන්න වගේම ඕපනින් එකට සමහර ආටිස්ට්ලගේ ලයිෆ් පෆෝමන්ස් රෙඩි කරගන්නත් අපේ ටීම් එකට පුළුවන් වුණා...

ඒ විතරක් නෙමෙයි සෑහෙන ලෝකල් ආට් වර්ක් ප්‍රමාණයකුත් එකතු කරගන්න අපිට පුළුවන් වුණා.. රූකඩ, වෙස්මූණු, ලාක්ෂා, බතික්, බීරළු වගේ සාම්ප්‍රදායික දේවල් ගොඩක් අපි ගැලරි එකට ඇඩ් කරගත්තා..

අවින්දිගේ ස්ටුඩියෝ එක ගැලරි එකට මූව් කරන වැඩ ටික කළේ අද.. හෙට ඕපනින් එක තියාගෙන අද පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට උඩ පනින කොහෙත්ම මගේ ප්ලෑන්ස්වල තිබුණු දෙයක් නෙමෙයි.

ඒත් මහලොකු ඩාක්-අයි ස්ටුඩියෝ එකේ ඕනර්ට කැමති විදියට ඒවා කරගන්න මන් ස්පේස් දුන්නා... ඒවගේ ප්‍රතිඵල විදියට තමයි රෑ හත පහුවෙන්න ඇවිල්ලත් නට්ලූස් තාම ගෙදර ආවේ නැත්තේ....

අටත් පහුවුණොත් මන්වත් එතනට යන්න ඕන කියලා හිතාගෙන ඉද්දි එකපාරටම හූනියම කාමරේට කඩාගෙන බිඳගෙන ආවේ මටත් රවාගෙනමයි.. තනියම කුටු කුටු ගගා බෑග් එකත් කවුච් එක උඩට විසි කරලා නට්ලූස් කවුච් එක උඩට ඇදගෙන වැටුණා...

මන් ටැබ්ලට් එක අතේ තියාගෙන රිපෝට්ස් වගයක් චෙක් කරනවා වගේ ඉදියත් මන් බලාගෙන ඉදියේ අවින්දිගේ අමුතු හැසිරීම දිහා...

තනියම කියවලා ටික වෙලාවකින් හූනියම මගේ දිහා ආයෙම බැලුවේ..

පුදුම තරහකින්...

ඒ තත්පරේම කවුච් එකේ තිබුණු කොට්ටයක් උඩින් ඇවිත් මගේ මූණේ වැදුණේ මාව පොඩ්ඩක් එහාට විසි වෙලා යන්න වගේ යද්දි.. ඒ උනාට අමාරුවෙන් මන් මගේ ස්ටෙඩි ගතිය තියාගෙන ටැබ්ලට් එකට මූණ ඔබාගෙනම ඉදියා....

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now