දහතුන්වන මේඝය

882 148 87
                                    


ගාඩ්න් එකේ ඔන්චිල්ලාවට වෙලා පැද්දි පැද්දි මන් කල්පනා කළේ එදා සිද්ද වුණු දේවල් ටික.. ඇත්තටම ඒවා හිතට මහ බරක්.. මන් වැරදිකාරයෙක් නොවුනත් හිතේ මොකක්දෝ අමුතු හැඟීමක් හිර වෙලා තියෙනවා... ඒ මොකක්ද කියලා කියන්න හරියට මමවත් දන්නේ නෑ.. ඊටත් හපන් සැරෙන් සැරේ මේඝගේ වෙස් පෙරළෙන හැටි... මේ හැමදේම වෙලාවකට මහ ම මහ පිස්සුවක් කිසිම තේරුමක් ඇති දේවල් නෙමෙයි...

අහස කළු කරලා වහින්න වගේ තිබුණ හින්දා කල්පනාව පැත්තකින් තියලා මම ගෙට ගියා.. මන් ගේ ඇතුළට යද්දිම වගේ යශ් ෆයිල් වගේකුත් අතේ තියන් කලබලෙන් පඩිපෙළ බැහැගෙන පහළට ආවේ මගේ මූණ දිහා බලලා පොඩි හිනාවකුත් දාන ගමන්...

"කොහෙද මේ යන්නේ..ගාල කඩා ගත්තු හරකා වගේ..."

"පොඩි වැඩක්... "

"අම්බෝ මේ උබලා දෙන්නා හොරෙන් මැරි කරන්නවත් යනවද ෆයිල් උස්සන් දුවන්නේ... ආහ්..."

"පිස්සුද හලෝ... මට පරක්කුයි මන්.. "

ඉස්සරහට යන ගමන් පිටිපස්ස හැරි හැරි කියව කියව ගියපු අලබට්ටා ගේ මැද තිබ්බ කණුවේ වැදිලා බිම පත බෑවුණේ අතේ තිබුණ ෆයිල් එකේ කොළ සී සී කඩ යද්දි...

"උබලා ඔක්කොටම පිස්සු බන් මොන ලෝකේ යනවද මන්දා.."

මන් ළඟට දුවලා ගිහින් පොරටත් නැගිටින්න උදව් කරලා බිම වැටිලා තිබුණ ෆයිල් එකේ තිබුණ කොළ ටික අහුලන්න හදනකොටම යශ් මට ඒක කරන්න නොදී කලබලෙන් ඔක්කොම කොළ ටික එකතු කරන්න ගත්තා...

මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...

මන් ඉක්මනට පැනලා යශේන් අහුලගන්න කලින් ඉතුරු කොළ ටික අහුලගත්තේ මේ හොරේ මොකක්ද කියලා අල්ලගන්න ඕන හින්දා....

"අනේ ඕක දීපන් බන්... "

"මොකද මෙච්චර හදිස්සි මස්සිනේ ආහ්... "

ගොඩක් කලබල වෙලා යශ් මගේ අතේ තිබුණ පේපර්ස් ටික ඉල්ලද්දි මන් හිනාවෙවීම ඒ පේපර්ස් බැලුවේ මුගේ හොරේ මොකක්ද කියලා අල්ලගන්න හිතාගෙන...

ඒත්...

මූණෙ තිබුණ හිනාව මැකිලා යන්න ගියේ විනාඩි කීපයයි.. පේපර්ස්වල තිබුණ මගේ ඇස් නැවතුණේ යශේන්ගේ හොඳටම කලබල වෙච්ච මූණ ළඟ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now