හත්වන මේඝය

868 146 17
                                    

මන් මගේ කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට වැටුණේ මල් බොකේ එක ගැන කල්පනා කරන ගමන්...

බර්ත්ඩේ එක නොවන දවසේ බර්ත්ඩේ එකට කියලා මල් බොකේ එකක් එවන එකේ තේරුම මොකක්ද.. කොව්චර වටෙන් ගොඩෙන් කල්පනා කර කර හිතුවත් මන් හිටියේ එක ම තැන.. ඒ හින්දා මන් ෆෝන් එක අතට ගත්තේ යස්විට කෝල් එකක් ගන්න හිතාගෙන.. ඒ උනාට ඊට කලින් මගේ රූම් එකේ දොරට මොකෙක් හරි තඩිබාන්න ගත්තා..

"ආහ් නෑනේ යන් කන්ට... "

"අර දියබරි සෙක්කා හදපු ජරාව උබම කාපන්.. මට කෑම තියෙනවා.. දුප් යන්න ඒක හින්දා..."

අලබට්ටව තල්ලු කරලා දාලා දොර වහපු මන් කෑම එක ගැන මතක් කරපු හින්දා ඒක කන්න කියලා හිතන් ටේබල් එක ළඟට ගියත් කෑම මල්ල මිසින්...

මන් මුළු කාමරේ පුරාම ඇස් යැව්වට පස්සෙයි මතක් වුණේ අර රෙද්දෙ මල් බොකේ එකක් හින්දා කෑම මල්ලත් පහළ හලලා ඇවිත් කියලා..

ලැජ්ජාව පැත්තකින් තියලා ආයේ දොර ඇරගෙන කාමරෙන් එළියට එන්න හදනකොටම අලබට්ටා මගේ ඉස්සරහට පැන්නේ මගේ මුළු සරුවාංගෙම සීතල කරලා දාලා... මහසෝනා ගැහුවා වගේ එකපාරට මතුවුණේ..

"මොකක්ද මනුස්සයෝ කරන්නේ... තව පොඩ්ඩෙන් පියුස් යනවා.."

මන් පපුවත් අල්ලන් හති දදා කියනකොට අලබට්ටා හිනා වෙවී අත පිටිපස්සට කරන් හිටපු මගේ කෑම මල්ල මූණ ඉස්සරහා ඒ පැත්තට මේ පැත්තට පද්දන්න ගත්තා...

"ඕක දීපිය වදේ... "

මන් උඩ පැනලා මල්ල අල්ලගන්න ට්‍රයි කරත් ම්හු.... වැඩේ සාර්ථක නෑ...

"පහළට ඇවිත් ම කමු නෑනේඒඒඒ...."

අලබට්ටා කෑගහගෙනම මගේ කෑම මල්ලත් උස්සන් පහළට බැස්සා... මුගේ අයියටයි මුටයි පුදුමාකාර අමාරුවක් තියෙන්නේ මේ අහිම්සක මාව විහිළුවකට ගන්න..

"ඕක දෙනවා මනුස්සයෝ...."

මාත් සෙකන්ඩ් වෙන්නැතුව කෑගහගෙනම පහළට ආවේ අලයව මරලා හරි අද කෑම මල්ල අරන් එනවා කියලා හිතාගෙන...

මන් පහළට එනකොටත් අලයා ගිහින් මේසෙන් වාඩි වෙලත් ඉවරයි.. ඊට එහයින් කළුකුමාරයත් වාඩි වෙලා හිටියේ ෆෝන් එකට කොට කොටමයි...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now