විසිහයවන මේඝය

849 139 34
                                    

උදේ පාන්දරම හිතා ගන්න බැරි තරමේ ප්‍රශ්න කන්දරාවක් ඔලුව උඩට පාත් වුණ හින්දා මන් ඉදියේ මාරම අවුලෙන්.. කොච්චර ට්‍රයි කළත් දවසෙම ලපේව කන්ටැක්ට් කරගන්න බැරි වුණා... ඔය ගෑනිට මරි මෝල් තද වෙලාද කොහෙද නාඩගම් නටන්නේ...

මෝක්ෂගේ කට්ටිය ලපේගේ නම්බර් එක ට්‍රැක් කරලා ලොකේශන් හොයාගෙන තිබුණත් වැඩක් වෙලා නෑ.. ෆෝන් එකයි සිම් එකයි කුණු ගොඩක තිබිලා හොයාගෙන තියෙන්නේ.. ශුවර් එකටම වෙන නම්බර් එකකට මාරු වෙන්නැති....

අලයත් ගියා ගියාමයි හොයාගන්නවත් නෑ..අර අනික් පොලිස් පිලිහුඩුවත් ඇවිත් මගේ මුළු ගේම අවුස්සලා ඇදලා දාලා ගියා.. හම්බු වෙන්න ඇති බම්බුවක් ඔය යකාට...ඒත් මන් දැක්කා පොලිතින් බෑග් වල සාම්පල් වගයක් නම් දාගෙන යනවා නම්.. තම්බගෙන කන්න වෙන්නැති...

දවසම ගෙවුණේ හරිම මූසල විදියට ඔක්කොටම වඩා හිතට බයයි... ඩොක්‍ටර් නුගාරත් එක්ක ටිකක් කතා කරපු හින්දා හිත පොඩ්ඩක් හැදුනට ආයේ තනියම කල්පනා කරද්දි සේරම අවුල් යනවා...

හතහමාර අට විතර වෙන්නැති... මන් සාලෙට වෙලා සෝෆා එක උඩ හතරගාතේ දාගෙන ටීවි එකේ චැනල් මාරු කර කර ඉදියේ... මහා භූත කළුකුමාරයා සැපත් වුණා.. ඇයි ඉතින් දඬුමොණරේ නළා පිඹගෙනනේ එන්නේ... විකාරේ.....

මන් ගණන් ගත්තේ නෑ.. ආවා කියලා මට වැඩක් තියෙද.. මන් ඉතින් චැනල් මාරු කර කර ඉදියා.. මිනිහා ආවා ටොකොස් ටොකොස් සද්දෙත් දාගෙන ගෙට.... ෆෝන් එක මේසේ උඩින් තියලා ටයි එකත් බුරුල් කරන ගමන් උඩ තට්ටුවට ගියා බුම්මගෙන.. 

මේ උදේ හොඳට ඉඳපු එකාට රෑ වෙද්දි තද වෙලා.. නැත්තන් පොඩ්ඩක් මාත් එක්ක හිනා වුණානම් ඔය භූතයගේ පැත්තක් පහත් වෙනවද....

මන් කළුස්ට හිතින් බැන බැන ඉද්දි ටේබල් එක උඩ තිබුණ උන්දැගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා..

අනේ මට මොකද.. කෝල් ගන්න එකා දන්නවා ඇතිනේ මොන වගේ ජොනතන් කෙනෙක්ටද කෝල් ගන්නේ කියලා.. ඒ දැන දැන ඔහොම කෝල් ගන්න එකට හොඳ වැඩේ ඕකට....

ආයේ දෙපාරක් විතර ඒ අටමගල රින්ග් වුණා...

රෙද්ද මට හිත නිදහසේ ටීවි එකවත් බලන්න නෑ මේ කොහෙද යන භූත මිනිහෙක් හින්දා..

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now