එදා ගෙවුණු කුජීත දවසෙන් පස්සේ කළුකුමාරයා ඒ හැටි මාත් එක්ක කුළුපග උනේ නෑ.. කොහොමත් එහෙම නෑනේ... මට මොකද..
ඇත්තටම මගේ ජීවිතේ මොකක්ද.. පිස්සුවක් වගේ... ඉස්සර නම් හීන තිබුණා.. බලාපොරොත්තු තිබුණා.. අරමුණු තිබුණා.. ඒත් දැන් ඒවා ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමටම මන් කාර්‍යබහුල වෙලා.. කොටින්ම කියනවනම් මන් දුකෙන්ද සතුටෙන්ද ඉන්නේ කියලවත් මන් දන්නේ නෑ...
මේඝව මැරි කරන්න කලින්.. එයත් එක්ක මටම කියලා ගොඩනගාගත්තු හීන ලෝකයක්ම මට තිබුණා.. ඒ හිතළුවල හිටපු මේඝ හිටියේ මට ඕන විදියට.. මන් කැමතිම විදියට...
දැන් මන් නිදහසක් ලැබුණ වෙලාවට ඒ ලෝකේ ආයෙම හදාගන්න උත්සාහ කරත් මට ඒක කරන්න බෑ... මේඝ කියන්නේ මහා ගල් පතුරකින් දොරටුව වැහිලා තියෙන අඳුරු ගල් ගුහාවක් වගේ.. ඒ ගල් පතුරු කිසිම හේතුවක් මත පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නෑ... එක අංශුමාත්‍රයක්වත් එයාව මට තේරුම් ගන්නත් බෑ... ඒකෙත් පුදුමයක් නෑ මාව තේරුම්ගන්න බැරි මන් කොහොමද ඒ තරම් සංකීර්ණ මනුස්සයෙක්ව තේරුම් ගන්නේ...
ඇත්තටම මේවට අවසානයක් තියේවිද.. මේවගේ නැවතීම කොතනද... මේඝගේ සෙල්ලම ඉවර වුණාට පස්සේ අනිවාර්‍යෙන්ම මට මේ හැමදේම අතඅරින්න වෙනවා... ඒත් කාලය එන්න එන්නම ඔහේ ගෙවීගෙන යද්දි මන් මේ ජීවිතේට හුරුවුණාම කොහොමද මන් එහෙම හැමදේම අත් ඇරලා පැත්තකට වෙන්නේ...
මන් ආස දේවල් , මන් කරන්න කැමැත්තෙන් හීන දැකපු දේවල්, එන්න එන්නම මට අමතක වේගෙන යනවා.. ඒ කියන්නෙ මට මාවම අමතක වෙනවා.. නොලැබෙන ආදරයක් හොයන් ගිහින් මන් මටම කරගන්නේ වැරැද්දක්ද.. වෙලාවකට මගේ හිත මගෙන්ම අහනවා.. ඉතින් එතකොට මන් උත්තර නැතුව අසරණයි.. මේඝගේ නපුරු තදකළු පාට ඇස් හිතේ ඇඳගෙන ඒ වෙලාවට මන් ඇස් දෙක පියාගෙන ඒ ඇස් අස්සේ පුංචි හරි සැනසීමක් හොයනවා.. කවදාවත් හොයාගන්න නොලැබුනත් මන් හැමදාම ඒක හොයනවා නොනැවතීම හොයනවා....
රූෆ්ටොප් එකට වෙලා තැඹිලි රතු පාටට හැරුණු අහස දිහා බලාගෙන මන් හිටියේ බර කල්පනාවක.. ඒත් ඒ කල්පනාව බිඳුණේ එකපාරටම ෆෝන් එකෙන් ආපු නොටිෆිකේශන් සවුන්ඩ් එක හින්දා...
YOU ARE READING
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
General Fiction❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්...