විසිඅටවන මේඝය

1.1K 155 71
                                    

Once Upon a Time

මෙල්බර්න් නුවර වීදී හැම එකක්ම පාහේ තැඹිලි දුඹුරු පාටට හුරු මේපල් කොළවලින් වැහිලා ගිහින් තිබුණේ ඒ වෙනකොට ඒ ගතවෙන්නේ වසරේ සරත් සෘතුව කියලා හැමෝටම අඟවන්න උවමනාවට...

ටිකෙන් ටික පරිසරය සීතලට හැඩගැහෙමින් පවතිද්දි හරි හරියට හුළං ඒ මේ අත හමාගෙන ගියේ කොළ හැළුණු අතු එකිනෙක වද්දවමින් සර සර හඬක් ඇති කරන ගමන්මයි...

මේ අතර මෙල්බර්න් නුවර පාසලක පන්තිකාමරයක් ඉස්සරහා තමන්ගේ ගුරුතුමියට ටිකක් එහාට වෙන්න වයස අවුරුදු දහතුනක දාහතරක තරම් වයසැති පිරිමි ළමයෙක් හිටගෙන හිටියේ බිම බලාගෙන...

පන්තියේ හැමෝම අතරේ මේ නිහඬ ආගන්තුකයා ගැන එක එක කසුකුසු පැතිරෙද්දි එකම එක ඇස් දෙකක විතරක් අමුතු දිස්නයක් පැතිරෙන්න ගත්තා...

"කියුට්..."

ඒ දිලිසුණු ඇස්වල අයිතිකාරි හෙමීට මිමිණුනේ ලැජ්ජකාර කොල්ලා දිහා බලාගෙනමයි...

"හෙලෝ ගුඩ් මෝනින් ළමයි..."

"ගුඩ් මෝනින් ටීචර්... හව් ආර්.. යූ..."

"අම්.. ෆයින් මයි ඩියර් බේබීස්.. හවු අබවුට් යූ..."

"වී ආර් ෆයින් ටීචර්...."

මුළු පන්තියෙම ළමයි එක හඬින් කෑගහලා කියද්දි පවා අර දිලිසෙන ඇස්වල අයිතිකාරිගේ සිහිය තිබුණේ අලුත් පිරිමි ළමයා ළඟ...

සෝ අද වැඩ පටන් ගන්න කලින්... මට ඔයාලට අඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.. මේ ඉන්නේ අපේ ක්ලාස් එකට අලුතෙන්ම එකතු වෙන යාළුවා.. කේශර

"කේශර සේ හායි ටු යුවර් ෆ්‍රෙන්ඩ්ස්..."

ගුරුතුමියගේ අණකිරීමත් එක්කම කේශර ඔලුව උස්සලා මුළු පන්තිය දිහාම බැලුවත් ඒ මූණේ කිසිම හිනාවක් නම් පේන්න තිබුණේ නෑ...

"හෙ... හෙලෝ... අම්.. කේශර ප්‍රභූ මේඝාදිත්‍ය..  නයිස් ටු මීට් යූ ඕල්..."

ආමාරුවෙන් වචන කීපයක් ගැටගහගත්තු කොල්ලා ආයෙම බිම බලාගත්තා.. ඒ වෙද්දි මුළු පන්තියෙම ළමයි ඒ අමුතු විදියේ නම කියවගන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉදියේ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now