එකොළොස්වන මේඝය

905 145 75
                                    

උදේ පාන්දර මූණට වැටුණ ඉර එළිය හින්දා මගේ රාජකීය නින්දට බාල්දියක් වැටුණා.. කවුද යකෝ කර්ටන් එක ඇරපු සතා... ශික්...

ඇඳේ වාඩිවෙලා ඔලුව කස කස ඉද්දි මගේ ඔලුවේ ඊයේ රෑ සිද්ද වුණ හැමදේම රිපීට් වෙන්න ගත්තේ සම්පූර්ණයෙන්ම මාව අවුල් කරලා දාලා..

ඒක හීනයක්ද... එතකොට ඒ සේරම හීනද....

නෑ වෙන්න බෑ වෙන්න බෑ...

මාත් එක්කම තර්ක කරන ගමන් මන් ඇඟේ ඔතන් හිටපු බ්ලැන්කට් එක අයින් කරලා බැලුවා.. හත්තික්කේ ඊයේ ඇඳුමම තමයි...  ඒ කියන්නේ හීනයක් නෙමෙයි...

ආශ්.. මගේ කන්...

"ආ... ආ..."

මන් හෙමින් කෑගහලා බැලුවේ මට ඇහෙනවද කියලා... දෙයියනේ ඇහෙනවා... ඒත් අනේ මන්දා මට සැකයි.. ඒ හින්දා මන් ආයෙම කෑගහලා බැලුවා...

යකෝ ඒකත් ඇහෙනවා.. මොකක්ද ඊයේ රෑ හැබෑටම උනේ එකපාරටම... වෙන සද්දත් ඇහෙනවද දන්නෑ...

මන් පරිසරයේ ඇහෙන සද්ද වලට කන් දීගෙන හිටියේ ඒ හැමදේම පරණ විදියටම මට ඇහෙනවද කියලා බලාගන්න... ඇහෙනවා දෙයියෝ ඇහෙනවා.. හනේ... ඇහෙනවා.. මට කලින් වගේම හැමදේම ඇහෙනවා.... බ්ලැන්කට් එක අස්සට ගිහින් ඇඳේ ඒ අතට මේ අතට පෙරළන ගමන් මන් මගේ අහිම්සක සන්තුස්ටිය ප්‍රදර්සනේ කළා..

ඒත් එක්කම මගේ ඔලුවට ආවේ අර විජ්ජාකාර බොරුකාර අසමජ්ජාති අලුගුත්තේරු කාලභූතයව.. යකෝ මේකව කෑවත් මදිනේ ඒ කරපු බොරුවට කකුල්වල ඇති අමාරුවකුත් නෑ මෙතන මාව මරන් කෑවා....

ටිකක් ඉන්න .. ටිකක් ඉන්න...

ඇත්තටම...

මේ යකා මොකෙක්ද.. ඉහෙන් බහින ලෙඩක් නොතිබුණ මට කොහොමද මර මල රෑ කන් ඇහෙන්නැතුව ගියේ.. බුදාම්බෝ..... මේකා මහසෝන් අවතාරයක්වත්ද.. ආ නෑ නෑ.. වෙන්න බෑ මහසෝනා කොහෙද මෙච්වර හැන්සම් වෙන්නේ.. එහෙනම් මොකෙක්ද... ආශ්.. මේ මිනිහා මාව පිස්සු වට්ටනවා...

ඇඳේ වාඩි වෙලා මන් කොණ්ඩේ ඇදගන්න ගමන් තනියම කෑගැහුවා... ඒත් එක්කම මගේ ඇස් ගියේ ඇඳට ටිකක් එහයින් තිබුණ පොඩි ටේබල් එක ළඟට...

ඇඳ දිගේ ඇදිලා ගිහින් මන් බැලුවේ මොකක්ද කියලා.. ස්ටිකි නෝට් එකක් ගහපු බෙහෙත් බෝතලයක්... කවුද බොලේ මේවා මගේ මේස උඩින් තිබ්බේ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now