දහසයවන මේඝය

911 144 62
                                    

"සර් මොකක් හරි ප්‍රශ්නයක්ද.. ඇයි මට කතා කළේ..."

කාමරේට වෙලා බර කල්පනාවක හිටපු මේඝ සිහියට ආවේ පන්සිළුගේ කටහඬින්...

"කම් ඇන්ඩ් ටේක් අ සිට්..."

"ඇයි සර් මොකද උනේ.."

මේඝගේ ළඟම තිබුණු පුටුවෙන් වාඩිවෙන ගමන් පන්සිළු ඇහුවේ කවදාවත් වර්කින් මොඩ් එකේදි කවදාවත් මේඝ මෙහෙම ළඟට ඇවිත් කතා කරන්න රික්වෙස්‍ට් කරන්නේ නැති හින්දා...

"අයි වෝන්ට් අ හෙල්ප්..."

"වට් කයින්ඩ් ඔෆ් හෙල්ප් සර්..."

"මනුස්සයෝ.. සර් සර් නෙමෙයි ෆ්‍රෙන්ඩ් මොඩ් එක... "

"ආහ්... ඇත්තද මහත්තයෝ මොකක්ද යකෝ උබට වෙලා තියෙන්නේ මහසෝන් අවතාරේ ලේටස්ට්ම වර්ශන් එකක් වැහිලද.. ආහ්... පිස්සුද යකෝ මොකක්ද අර නටලා තියෙන නාඩගම.. අම්මපා මට උබව මරන්න තරම් තරහයි... ඉවසනවා කියන එක ආසවටවත් අහලා නැද්ද බන්... මොන වදයක්ද මේක..."

පන්සිළු පුටුවෙනුත් නැගිටලා කටර් එක වගේ කියවගෙන කියවගෙන ගියේ වැඩේ කෙළවුණා කියලා හොඳටම තේරුණ නිසා මේඝ අත් දෙකෙන්ම මූණ වහගනිද්දි...

"ගෑනු වගේ ලෙක්චර්ස් නොදී ඝන්ඨාරේ වහගන්නවද ප්ලීස්... "

"ආහ් උබ තව පඬි ටෝක්ස්නුත් දෙනවද ලැජ්ජ නැතුව.. අම්මපා මන් උඹේ ගෑනි වෙලා එතන ඉදියනම්.. අනික් පැත්තට උබේ බෙල්ල මිරිකනවා... ඒ කෙල්ල අහිංසක වැඩී..."

"මගේ වෙලාවට ගෑනි නොවුනේ..."

"මොනාද උබ කුටු කුටු ගාන්නේ ආහ්.. යකෝ උඹේ තරහා යන සෙන්සර් ඔලුකට්ට උඩද හයි කරන් ඉන්නෙ නැත්තන් ඇඟ පුරාම අලවගෙනද ඉන්නේ.. හුළඟක් වැදුනත් ඇති ඩෙඟා නටන්න.. අනිත් එක උබේ... නෑ ඕන්නෑ... මගුල හැමදාම මෙහෙමයි..."

"යකෝ... උඹට වඩා අර ඉසකුඩිච්චිය දාහෙන් සම්පතක් අනේ ඇත්තමයි..."

"හරි හරි ඔක්කොම හරි කියමුකෝ.. මොකක්ද උබට වුණේ කැලේ මැදදී අමන මල පෙරේතයෙක් ගැහුවද.. අර කෙල්ල මැරුනනන් එහෙම...උබට නම් ඔල්මාදේ බන්..."

"පන්සිළු.. එයා කරේ මේ ලෝකේ මන් වැඩියෙන්ම වෛර කරන දේ... මට ඒ නම ඇහුනාම මාව පාලනය කරගන්න බෑ.. මගේ ඔලුව පිපිරෙන්න වගේ.. මගේ ජරා අතීතේ.. අර ජරා ගෑනි... ඒ නම ඇහුනාම ආයේ ආයේ මට මතක් වෙනවා.. ඒකත් අවින්දිගේ කටින් කියවුණාම... උබට හිතාගන්න බෑ ඒක..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now