අටවන මේඝය

854 151 5
                                    

උදේ වෙනකන් ම මන් මේඝගේ රූම් එකට නොගිහින් එළියට වෙලා බලන් හිටියේ හිත හදන් ඇතුළට යන්න බැරි හින්දා... රූම් එක ඉස්සරහම තිබුණ පුටු පේළියේ වාඩි වෙලා මායි ලපෙයි දෙන්නම මුළු රෑ පුරාම එක එක ඒවා කල්පනා කළා...

"උඹට ශුවර්ද.. බම් ඒ ලුණු කියලා.."

"ඔව් මනුස්සයෝ... ලුණු තමයි ඒ.. මන් චුට්ටක් දිව ගාලා බැලුවා.. ලුණු තමා බන්..."

"ඒ උනාට බන් ඕවා ශුවර් නෑ එහෙම.. කෝකටත් ගෙදර ගිහින් බෝතලේ අරන් බලමු..."

"ඒකේ බලන්න මගුලක් නෑ මිනිහෝ මන් ඔක්කොම හලලා ඉවර වෙලා බෝතලෙත් හේදුවා.."

"නෙදකින් සතා.. පණ්ඩිත මගුල් නේ බන් කරන්නේ... "

"නෑ බන්.. මන් කරපු දෙයක් හින්දා නෙමේ.. ඇක්සිඩන්ට් වුණේ.. අනික රිපෝට්ස් වල තිබුණනේ ඩ්‍රග්ස් වගයක් ඇඟේ තිබුණා කියලා.. ලුණු කියන්නේ එහෙම එකක් නෙමේ නේ බන්..."

"හරි හරි ඒවා පස්සේ හිතමු මනුස්සයෝ.. දැන්වත් උබේ මනුස්සයව ගිහින් බලපන්.. මන් ගෙදර ගිහින් වොශ් එකක් දාන් එන්නම්.. පලයන් දැන්වත්..  "

යස්වි එතනින් ගියේ මේඝගේ කාමරේ දොර ඇරළා මාව ඇතුළට ම තල්ලු කරලා දාලා..

කළුකුමාරයා නිදිද කොහෙද.. එක කකුළක් බරවා හැදිලා වගේ බැන්ඩේජ් කරලා.. දුකත් හිතෙනවා අප්පා.. කොහොම හිටපු මනුස්සයෙක්ද.. මන් හෙමින් හෙමින් මේඝගේ ඇඳ ළඟට ගියේ සද්දේ ඇහෙන්නැති විදියට අඩි තියලා..

ඉර එළිය මූණට වැටිලා කාලභූතයගේ මූණ දිලිසෙනවා.. හනේ ඇත්තට හැමදාම මෙහෙම නිදාගෙන ඉන්නවනම් කොයිතරම් දෙයක්ද...

කෙල්ලෙක්ගේ වගේ ඒ ඇස් පිහාටු මාර දිගයි.. කොණ්ඩේ නළලට වැටිලා අමුතු හුරතල් පෙනුමක් ඇවිල්ලා.. මූණ නිකන් අඹලා වගේ..  මේ තරම් ළඟින් පැහැදිලිව භූතයගේ මූණ දැකපු පළවෙනි පාර මේ.. jawlines මාරම ශේප්.. ඇයි හත්තික්කේ මේ මනුස්සයා මේ තරම් ම පර්ෆෙක්ට් කරේ..

ලෙඩා බලන එක පැත්තකින් තියලා මන් කාලභූතයගේ මූණ දිහා බලන් හිටියේ වශීවෙලා වගේ.. විනාඩි කීපයක් මන් මේඝ දිහා භාවනා කරනවා වගේ බලාගෙන ඉද්දි.. මේ මනුස්සයගේ වැහිලා තිබුණ ඇස් දෙක එකපාරටම ඇරුණා.. දැන් හරිනේ අමාරුව.. යක්ශ මොඩ් එක ඔන් වෙයි ඉතින් දැන්.. සැක්...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now