විසිවන මේඝය

933 144 10
                                    

ලපයත් නිවාඩු අර ගත්තු නිසා ස්ටුඩියෝ එකේ මට කරන්න එකතු වුණු වැඩ සෑහෙන කන්දක් තිබුණා.. කොහෙද අර උණහපුළුවත් එක්ක බෑනේ නුවරඑළියේ කුදලගෙන ගියා මෙතන මට දහසකුත් වැඩ තියෙද්දි.. 

මන් ටිකක් හවස් වෙනකන් ස්ටුඩියෝ එකේ වැඩ කරලා ගෙදර එද්දිත් මේ මනුස්සයා ඇවිත් නෑ.. ලොකු දෙයක් යන්තන් මට නිදහසේ පැය කීපයක් ඉන්න පුළුවන්...

මොන එහෙම හිතුවා විතරයි සපරමාදු හොල්මන මගේ ඉස්සරහින් මතු වුණා...

"අනේ පැටියා.. ඔයා ටූ ලේට් අද හොඳේ..."

"ඔව්නේ ආන්ටි පොඩ්ඩක් ලේට් වුණා.."

"හරි හරි බය වෙන්න එපා අරයා තාම ආවේ නෑ..."

"අරයා....!!! මොන අරයද..."

"අයියෝ පිස්සු කෙල්ල... මේඝ බබා අනේ මේඝ බබා.."

මේ ගෑනිට රට මොංගල්ද කොහෙද.. අර අලි දණ්ඩට බබා හුබා ගාන්නේ.. කොහෙද වයස වැඩිනේ මට වඩා ශික්... දනී නැත්තන් මන් කරන දේ.. අනික ඕක එයා මට අමුතුවෙන් කියන්න ඕනද... ගෙදරට එන ඕනම ඇස් පේන මිනිහෙකුට ඒක කියන්න පුළුවන්... සමයම්...

"ආ එහෙමද ආන්ටි...."

"ඔව් ඔව්.. යන්න යන්න.. එයා එනකොට ෆ්‍රෙශ් වෙලා ලස්සන වෙලා ඉන්න... ඔහොම කුණු පිටින් නම් ඉන්න එපා හොඳද...."

අනේ රෙද්ද මන් නේ දන්නේ ඔය මිනිහගේ හැටි... මන් කොහොම හිටියත් ඔය යකාට ගාණක් නෑ... මේ අම්මණ්ඩිටනේ අමාරුව තියෙන්නේ....

"ඕකේ ඕකේ ආන්ටි."

"ඕ... බබා වේට් අ මිනිට්.. අයි හෑව් සම්තින්(ග්) ෆෝ යූ..."

මන් නූලෙන් මාරු වෙලා යන්න හදදී පිස්සු ගෑනි ආයෙම මාව නැවැත්තුවා.. සාපයක් මේක නම්... මොන කුණ්ඩහට්ටියක් උස්සන් එන්නද දන්නෑ ඒපාර ගියේ...

"ආ බබා මෙන්න.. මේ මල් බොකේ එක අද ගෙදරට ආවා.. ඔයා එනකන් ඉදියේ මන් මේක දෙන්න...."

"ආහ් තැන්ක් යූ ආන්ටි.. මන් ඕඩර් කරපු එකක්... මන් වොශ් එකක් දාගෙන එන්නම් එහෙනම් හොඳේ..."

මන් පට ගාලා මල් වඩමත් උස්සන් උඩට ආවා.. නැත්තන් ආයේ මල් කාගෙන්ද කාටද කොහෙන්ද මොකටද.. මල් සුවඳද මල් හැඳුනේ කොහෙද.. ඒ මල් පැළ ගත්තේ කොහෙන්ද..ඇටෙන්ද කොළෙන්ද පැළ එන්නේ.. ඕන්නැති මල ඉලව් ඔක්කොම ටික අහයි... සූදානම් සරීරේ කෝකටත් හොඳ හින්දා මන් පටස් ගාලා මාරු වුණා...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now