හයයි විස්සයි...
මන් මට ම කියාගන්න ගමන් කළුකුමාරයගේ කාලවර්ණ කොෆි මග් එකට උන්දැගේ අංශක හැටේ කොෆී ටික පිරෙව්වේ බොන උගුරෙන් උගුරට සාප වැදියන් කියලා තුන් හිතින්ම ප්‍රාර්ථනා කරන ගමන්..
මේඝ කියන මහසෝන් යස්සයව හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරන් ගෙදර කුදලගෙන ඇවිත් ගෙවිලා තිබුණේ සතියක් වුනාට මට නම් ඒක අවුරුදු සීයකටත් වඩා දිගයි...
අටමගල් කොල කෑලි දෙකක් දික් කොරගෙන මේ මිනිහා මාව මරාගෙන කනවා හත්තික්කේ...
අවින්දි අරක.. අවින්දි මේක.. යැයි යැයි හුයි හුයි..
මගේ කන් දෙක පිරිලා ඉතිරිලා ගිහින් මේ කන්දොස්කිරියාවෙන්.. ඇඳ ළඟ අතේ දුරින් තියෙන වතුර වීදුරුව ගන්න පවා මන් එන්න ඕන.. ඒක මගේ දෑතින් අරන් නොදුන්නොත් ඒ ටික මිනිහගේ උගුරෙන් පල්ලෙහාට යන්නේ නැතුව ඇති... මේ මිනිහා පුදුමාකාර ආත්ම තෘප්තියක් ගන්නේ මට වද දීලා...
අඩියක් දෙකක් තනියම ඇවිදගන්න බැරි වුනාට මොකද උලම් කොබෙයියගේ කයිවාරුව නම් නෙක්ස්ට්ලෙවල්..
මටත් මේ නර ලොව විගඩම් බලන් ඉන්න වුනානේ හත්තික්කේ...
හැමදාම උදේ පාන්දර හරියටම හයයි තිහට අයිස් කැට පහක් දාපු වතුර වීදුරුවකුයි අංශක හැටේ කොෆී කප් එකකුයි මිනිහට අනිවාර්‍යයි.. ඉතින් මගේ අති විශිශ්ට ගොන්කම්වල ප්‍රතිඵලයක් විදියට හැමදාම උදේ පාන්දර නැගිටලා මූට මේ මල නාඩගම හදලා දෙන්න වෙලා තියෙන්නෙ..
මටත් හොඳයිනේ ඉතින් අමාරුව හොඳ වෙන්න..
බැන බැනම මන් ග්ලාස් එකයි කොෆි මග් එකයි ට්‍රේ එකෙන් තියන් කළුකුමාරයගේ රූම් එකට ළඟට ගිහින් දොරට දෙපාරක් තට්ටු කළා..ඒකත් පොරගේ නීතියක්..
YOU ARE READING
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
General Fiction❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්...