අපි නුවරඑළිය ටවුන් එකට එනකොට සෑහෙන හවස් වෙලයි තිබුණේ.. අඳුරත් වටින් ගොඩින් පැතිරගෙන එද්දි හීතලත් හොඳටම දැනුනේ ස්වෙටර් එකක්වත් ඇඳන් නොහිටපු හින්දා.. යකෝ ඇඳිවත විතරයි තියෙන්නේ.. රෙදි නම් කමක් නෑ කියමුකෝ.. මගේ කැමරා ටික.. හත්තික්කේ.. ඒ ටිකත් කුදලගෙන එන්න කියලා මෙතන මොනවා හරි වුනොත් නේ.. එදාට අර මහත්තයා දැනගනියි අවින්දි රන්දුනු කියන්නෙ කවුද කියලා... හ්හ්...
බස් එකෙන් බැහැලා මාත් වචනයක්වත් කතා නොකර කළුකුමාරයගේ පස්සෙන්ම ඇවිදගෙන ගියා.. කතා කරලා නිකන් විහින් නෝන්ඩි වෙන්න ඕන්නෑනේ.. සීතලේ ඉන්න බෑ... මේ මනුස්සයට ගාණක්වත් නෑ වලස් කක්කුට්ටා... ශික්... ඔව් ඉතින් සෙන්සර් නෑනේ පොරට ඉතින් කොහෙද දැනෙන්නේ... ගහ වගේ ඔහේ ඇවිදගෙන යනවා මොන ලෝකේ යනවද මන්දා...
"ආ ගන්නවා මේක..."
එකපාරටම නැවතුන කළුකුමාරයා දාගෙන හිටපු ජැකට් එක ගලවලා මට දික් කළා.. මේ මොකක්ද මේ අමනුස්සයට වෙලා තියෙන්නේ.. හීතලට හරි නම් හිත තව ගල් වෙන්න ඕනනේ.. එකපාරට උණු වෙලා මොකද දන්නෑ.. ශුවර් නෑ බොලව් එක පාරට ඕවා ගන්නත්..
"ගන්නවද නැද්ද..."
මන් ජැකට් එක දිහා බලාගෙන කල්පනා කර කර ඉදිද්දි ආයෙම සුපුරුදු මේඝ මොඩ් එක ඇක්ටිවේට් වුණා.. අන්න ඒකට තමා බය නැති වෙන්නේ.. ඇයි යකෝ එකපාරටම සත්ත්ව කරුණාව පහළ වෙලා වගේ බලන් ඉන්නකොට ගත සිත සලිත වෙනවනේ...
"ඒත්... මේ.... ඔ.. ඔයාට නෑනේ... අනික කමක් නෑ මේ සීතල එහෙම මට හුරුයි.. "
ඇඟිලි තුඩුවලින් කළුකුමාරයගේ අතේ තිබුණ ජැකට් එක ගත්තු මන් මහ පාර දෙබෑ වෙන ටොම්බ පචයක් කිව්වේ මොකද මන්දා.. පිස්සුද කොහෙද.... මන් කියපු එක අහලා කළුකුමාරයා කට කොනෙන් අමුතුම නෝන්ඩි හිනාවක් දැම්මේ මාව හීතලේ වුණත් පිච්චිලා යද්දි...
"තමුසේ මෙච්චර වෙලා හිතුවේ කටින්... ඒක මහ හිසරදයක්... කට පියන් ඕක දාගෙන එනවා...."
එහෙම කියපු භූතයා ආයෙම ඉස්සරහට ඇවිදන් ගියා... හෑහ් බොල.. මොකක්ද ඒ කිව්වේ... කටින් හිතුවා කිව්වේ.. තේරුනේ නෑනේ... කොහොමද කටින් හිතන්නේ අනේ මන්දා.. කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුවම මෙහෙම නෝන්ඩි වෙලා පජාත වෙලා යන එක නම් පුදුමාකාර දහජරා ෆීලින් එකක්... දුස්ටා මිනිහා... හ්හ්...
YOU ARE READING
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
General Fiction❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්...