තිස්දෙවන මේඝය

1.1K 147 37
                                    

ඒ කටහඬ ඇහුණට පස්සේ මගේ උගුර කටත් එක්ක වේලිලා ගියා.. ඇයි ඉතින් කවුද හිතුවේ වළ දාන්න හදද්දි මේ අම්මණ්ඩිට යන්න එපා මාත් එක්ක ඉඳපන් කිව්වාම සිරාවටම මාව හොයාගෙන ඒවි කියලා.. මල ජූලියයි..

අඳුරු කාමරේ පුරාම ඇස් යැව්වත් අර කටහඬට පස්සේ නම් මට ආයේ වෙන කිසි දෙයක් ඇහුණෙවත් පෙනුනෙවත් නෑ.. ඒත් පෙරේත භූත කුම්භාණ්ඩ හොල්මන් දිශ්ටි වැදපුදාගෙන විශ්වාස කරන මට ඒ කටහඬම ඇති වෙන්න ඕන දේවල් ටික වෙන්න...

කාමරේ ලයිට් එක ඔන් කරගන්න පවා දැන් නම් මට බයයි.. කොටින්ම ඇඳ උඩ ඉන්නත් බයයි..  මගෙන් උන වැරදිවලට අර යක්සනී ඇවිත් බෙල්ල මිරිකලා දැම්මොත් අකාලේ මැරෙන්න වෙන්නේ..

මන් රටේ නැති මන්තර ජප කර කර කොට්ටෙත් තුරුල් කරන් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ටිකක් ගුලි වුණා... ඒත් වටපිට බලන්න බයයි.. හඳ එළිය දැන් පේන්නෙත් භූත එළියක් වගේ.. ඒ විතරක් නම් මැදෑ.. ෆෑන් එකෙන් එන හුළඟ ඇඟේ වැදෙද්දි නිකන් භූත ස්පර්ශයක් දැනෙනවා වගේ. අද නම් පුතේ නිදාගන්නවා බොරු....

මන් තව තවත් ඇඳේ අස්සට ගුලි වෙද්දි එකපාරටම කිරි කිරි සද්දයක් මුළු කාමරේ පුරාම පැතිරුණේ මගේ රෝම කූප පවා කෙළින් වෙලා යද්දි.. අත් පය සීතල වෙලා වෙව්ලද්දි මන් කොට්ටේ අස්සේ මූණ තද කරගත්තා...

හනේ.. මොකක්ද මේ වෙන්න යන්නේ... දෙයියනේ මාව බේරගන්න.. ඕන තරම් භාර හාර වෙන්නම්.. අනේ මේ යක්ශ ආත්මේ එළවලා දෙන්න දෙයියනේ...

මන් කොට්ටේ මූණ හිරකරගෙනම ඉතිපිසෝ ගාථාව කියනවට අමතරව දෙයියන්වත් සිහිකළා...

ආයේ කිසිම සද්දයක් බද්දයක් නැති නිසා මන් බෙල්ල ටිකක් උස්සලා කොට්ටෙන් මූණ එළියට අරගත්තා විතරයි ආයෙම කිරි කිරි සද්දයක් ආවේ කලින්ටත් වඩා සද්දෙන්. 

ඒක හරියට නිකන් ඉලෙක්ට්‍රික් ශෝට් එකක් වෙන්න යනවා වගේ සද්දයක්.. මට කරන්ට් වද්දලා මරන්න යනවද දන්නෑ..   අනේ.. මට බෑ...

මට දැන් ඇඳෙන් පැනලා මේ කාමරෙන් එළියට දුවන්න ලොකු උවමනාවක් තිබුණත් මට ඇඳෙන් පහළට පනින්නත් බයයි.   මොකෙක් හරි මාව ඇදගෙන ගියොත්...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now