වචනයකවත් කතාවක් නැතුව කළුකුමාරයා ඔහේ ඉන්නවා.. අනේ මන්දා.. මොන මගුලක් වෙලාද කියලා..
.
.අද දවසෙම ලොකු වයර් ශෝට් එකක්... නැත්තන් ඉතින් ඩේට් එකකට කියලා කැලෑ පල්ලේ ඇවිද්දවලා.. ආයේ මේ රෑ පානේ මූද අයිනට කුදලන් ඇවිල්ලා... වචනයක්වත් නොකිය ඔහේ බලාගත්තු අත බලාගෙන ඉදීවියෑ....
දෙතුන් සැරයක් නැගිටලා මූද පැත්තට ගිහින් මිනිහා කෝල් දෙක තුනක් නම් ගත්තා.. අනේ මන්දා...
ඕඩර් කරපු කෑම ටික එනකන් අපි දෙන්නම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන ඉද්දි එකපාරටම හෙන සෙට් එකක් අපේ මේසේ ගාවට ආවේ කෑගහගෙනමයි...
"අඩේ.. කේශර... මේ උබ නේ.... සිරාවට...."
"ඔන්න බලපන් බැන්දට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා කියන එකට සුපිරිම එක්සාම්පල් එක..."
"යකෝ උබ... වාහ්... ජීවිතේට සිද්ද වෙන දෙයක්ද බන් මේ ආහ්...."
කළුකුමාරයව වට කරගත්තු සෙට් එක ඉවරයක් නැතුවම කියවන්න ගත්තා.. අනේ මන්දා මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ....
මන් හිතන්නේ කළුකුමාරයටත් මේ මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්නේ මිනිහගේ මූණේ තියෙන අමුතු බැල්මෙන්ම ඒක තේරෙනවා...
"අම්... සොරි... ඒත් මට දැනගන්න පුළුවන්ද මේ කවුද කියලා..."
කළුකුමාරයගේ එහාපැත්තේ පුටුවේ වාඩිවෙලා කරට අත දාගෙන හිනාවෙවී ඉඳපු මිනිහගෙන් මේඝ ඇහුවේ වටේ ඉඳපු අනික් හැමෝම දිහා බලන ගමන්...
"වට් ද.. ෆක් බන්... මේ උබ අපෙන් අහනවා.... අපි කවුද කියලා..."
"වට් අ ශේම් බන්...."
"ඒකෙත් ඒ හැටි වරදක් නෑ.. උබ පරණ කේශර ම තමයි..."
"මොකක්...."
"යකෝ අපි එක ෆැකල්ටියේ එක බැජ් එකේනේ බන් ඉදියේ... උබට එච්චර ඉක්මනට ඒවා අමතක වුණාද බන්...."
"ආ.. එහෙමද...."
"ශික්.. අහන කැත... නිකමටවත් අහපන්.. ඇයි අපි මෙතන ඉන්නේ කියලවත්..."
.
.
.
."ඕකා අහන්නෑ මෝඩ යකුනේ... ඔය මිනිහා වගේ උද්දච්ච කාලකණ්ණි බල්ලෙක් කවදාවත් උබලගෙන් ඇයි හුයි කියලා අහ අහා ඉන්නෑ... තේරුම් ගනින්...."
YOU ARE READING
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
General Fiction❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්...