දාහත්වන මේඝය

969 133 12
                                    

Yaswi's Pov

හයයි තිහ වෙද්දි මායි අවියි ගෙට් එකට යන්න ලේස්ති වෙලා පහළට එද්දි කවුරුත් පේන්න නම් ඉදියේ නෑ...

"ගාටන් නැතුව වරෙම් මේ ගෙදර උදවිය එන්න කලින් එළියට පැන ගමු.."

මන් අවීගේ අතිනුත් ඇදගෙන පට ගාලා එළියට පැන ගත්තා.. ඔය එක එක්කෙනා හම්බුනාම අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක හරි කරදරයි නේ අප්පාහ්...

"මේ දැන් තොගේ බක්කි කරත්තේ එනවද එක්කන් යන්න... "

අවියා ඒ ඇහුවේ උගේ නොවන මගේ යාළුවෙක්ගේ වාහනයක් ගැන... ඉරිසියාවනේ පැහැදිලි ඉරිසියාව..

"අපහාස කරන්නෙපා හරිත... මන් කිව්වා මෙතන නම කියලා එතන ඉන්නෙ කියලා තව ටිකකින් එයි.."

"යැයි යැයි එයි බම්බුවක්... "

ඌ කියලා ඉවර වෙනකොටම වාහනයක් ඇවිත් අපේ ඉස්සරහා නවත්තලා ශටර් එක පහත් කළා.. උගේ නොවන මගේ යාළුවා තමයි ඒ.. අවියව අවුස්සන්න කියලා හිතාගෙන මන් ලොකුවට ගිහින් පැසෙන්ජර් ශීට් එක පැත්තේ දොර ඇරියත් කිරි ආච්චිට මල පෙරේත තටුවක් තියලා වගේ මොකෙක්ද එකෙක් ඒක උඩ දැපලා ඉදියනේ හත්තික්කේ.... කනවනේ ඉතින් මන් නම්බුවම ශික්...

මන් හිනාවක් දාලා හෙමින් සැරේ පිටිපස්සේ දොර ඇරගෙන කාර් එකට නැග්ගාම අර බලු අවියා මහ නෝන්ඩි සිරික්කිය දානවා..

"හොඳ වැඩේ ගියා මෙතන කරේ නගින්න... "

"හරි හරි ඉතින්.. වැරදෙන්නෙත් මිනිස්සුන්ටම තමයි නම්කි..."

"සිරාවට උබ මනුස්සයෙක්ද බන්..."

"කිව්වා කියලා හිතාගනින්.."

විනාඩි පහළොවක් විස්සක් විතර ගියාම අපි හොටෙල් එක  ළඟට ආවත් හිතට ලොකු ෆිට් එකක් නම් නෑ.. කෑම වේලකට ආවා මිසක් මේ ගෝත රෑන බලාගන්න ආසාවකට ආපු ගමනක් නෙමෙයි මේක.. කොහොමත් අපේ බැජ් එකේ සෙට් එකකුත් නෙමෙයි.. කණාවට ඉන්වයිට් පාරක් වැදුන හින්දා චාන්ස් එක සෙට් වුණේ.. යක්කු ඉදියත් මොකද කෑම තියෙනව නම්..

මන් අවියගේ අතිනුත් අල්ලගෙන හෙමින් හෙමින් හොටෙල් එක ඇතුළට ගෑටුවේ වටපිට බලන ගමන්මයි...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now