තිස්හතරවන මේඝය

1.5K 152 99
                                    

සෙරමනි එක ඉවර වෙලා මන් ගෙදර ආවේ ලපේ එක්ක.. නුගාර විහඟි පටලැවිල්ලට වඩා ඔය අම්මණ්ඩි එක්ක විසඳගන්න ලොකු ගනුදෙනුවක් තියෙනවා...

නෑ එහෙමත් නෙමෙයි ඉස්සෙල්ලා එකින් එක මේ ප්‍රශ්න මගේ මොළේට එන්ටර් කරගන්න ඕන.. මුළින්ම කාගෙද...

මහන්සි මහන්සි ගගා වැළලුනු හින්දා මන් ලපේට විනාඩි ගාණක බ්‍රේක් එකක් දුන්නා.. මගේ ඇඟේ තිබුණු සරුවාල ටික ගලවලා අයින් කරලා මාත් වොශ් එකක් දාන් ඇඳුමක් දාගෙන සාලෙට එද්දි යද්දි ගෑනියි මිනිහයි වෙළීගෙන ඉන්නවා...

මට නම් දැන් මුන් දෙන්නව දැක්කම කොනිත්තලා කොනිත්තලා මරන්න තරම් කේන්තියි....

තොපි දෙන්නා... ඉඳහන්කෝ...

සෝෆා එකට වෙලා වෙළිලා ඉඳපු උන් දෙන්නගේ මැදින් මන් ගිහින් වාඩි වුණේ උන් පටලවාගෙන ඉඳපු අතපයවල ගැට ලිහිලා යද්දි...

"පලයන් අයිනට..."

මන් අලබට්ටව බිමට තල්ලු කරලා දාලා ලපේගේ අතින් අල්ලගෙන නැගිට්ටේ මගේ රූම් එකට යන්න හිතාගෙන...

"අ-අවි..."

"මේ... තමුසේ දැන් අපි දෙන්නගේ පස්සෙන් මගේ රූම් එකට ඇවිත් මාව නරක ගෑනි කරගන්න ලෑස්ති වෙන්න එපා..."

අලබට්ටා මොනවා හරි කියන්න ගියපු නිසා මන් ආපහු හැරිලා ඌ දිහා බලාගෙනම කියලා අන්තිමට ඇස් වලින් මිනිහගේ රහස්‍ය ප්‍රදේශය පෙන්නලා ආයෙම පඩිපෙළ නැග්ගේ ඌ අත් දෙකෙන්ම එතන වහගනිද්දි...

ආවා මෙතන...

"මොකද ගෑනියේ වෙලා තියෙන්නේ..."

"වෙලා තියෙන්නේ... වෙලා තියෙන්නේ.. තෝ කටින්ද අහන්නේ ඕක..."

"ඇයි වෙන කොහෙන් හරි ඇහුවා වගේද දැක්කේ..."

"මේ.. ඕයි.. තියෙන දහදුරා වැඩ ඔක්කොම කරලා තෝ තව එකට එක කියන්නත් එනවා නේද.. හැතිරි...."

"මො-මොකක් මොකක්..."

"හැතිරි...

හැතිරි.. හැතිරි... හැතිරි...... හැතිරි... මිත්‍රද්‍රෝහි හැතිරි...."

"කවුද මම...."

"නැතුව මමද... උබට මට වඩා අර කලවැද්දව ලොකු වුණානේ..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now