විසිතුන්වන මේඝය

1K 141 26
                                    

මන් උදේ නැගිට්ටේ නිකන් සොම්බියෙක් වගේ.. මගේ ජීවිතේ පළවෙනි වතාවට ද කොහෙද මන් අද එලාම් එකක් නැතුව නැගිට්ටා...

නැගිට්ටා කියන්නත් බෑ.. නින්ද ගියේ නෑනේ මුළු රෑම.. කොහෙ නිදාගන්නද.. අර භූතයයි මගේ අම්මයි ඔලුව වටේ කැරකෙද්දි... ඒ දෙන්නගේ කනෙක්ශන් එක ගැන හිතන්න ගිහින් දවසක මට පිස්සු හැදෙනවා...

ශීට් එකත් කකුල් දෙකෙන් ඔතාගෙනම මන් ඇඳ උඩ වාඩිවෙලා හෙඩ් බෝඩ් එකෙන් ඔලුව තියාගත්තා.. නිදි මතක් නම් නෑ ඒ උනාට ඇස් දෙක රිදෙනවා..

තාම පහමාරවත් වෙලා නෑ...

හයියෝ සාම්ත... නිදි දෙයියොත් මට බූට ගහලද කොහෙද.. මුන් මහ භල්ලෝ....

මන් ශීට් එක ඔලුවේ ඉදන් පොරෝගෙන බැල්කනියට ගියේ අවුරුදු ගණනාවකට පස්සේ මහ පාන්දර වීව් එක කොහොමද කියලා බලන්න...

මන් බැල්කනියේ අත්වැටේ උඩ පඩියට නැගලා ඉස්සරහට පස්සට පැද්දි පැද්දි ඉදිද්දි මට නිකමට වගේ බැලුනේ කළුකුමාරයගේ කාමරේ දිහා..

හරියටම මගේ රූම් එකට එහා රූම් එකනේ...

යකෝ මේ මල පාන්දරත් ලයිට් දමාගෙනනේ... පිස්සුද දන්නෑ.. මෙච්චර උදෙන් නැගිටින්නේ... ඔය මිනිහට කොහොමත් පිස්සුනේ..

මන් පඩියෙන් බිමට බැහැලා බැල්කනියේ කොනටම ගියා.. වෙන මොකටද.. කළුකුමාරයගේ ඕපේ හොයන්න...

ඒක මගේ ලේ වලින් එන දෙයක්.. ඒ මිනිහගේ ඕපයක් කොහොන හරි හොයාගන්න ඕනමයි...

පොඩ්ඩක් උස බිත්තියකින් තමයි රූම්ස් දෙකේ බැල්කනි දෙක වෙන් වෙලා තියෙන්නේ.. හරි හමන් කපල් එකක් උනානම් මොන තරම් දේවල් කරන්න තිබුණද අපිටත් මේ දෙපැත්තේ බැල්කනි දෙකට වෙලා...

ශික්.. අර යකාගේ මොළේ මෝරලා වැඩිනේ ඒකනේ මේ සේරම...

මන් ඒ පොඩි තාප්පෙට අත් දෙක තියලා පොඩ්ඩක් ඉස්සිලා කාමරේ දිහා බැලුවා...

කර්ට්න් එකත් ඇරලා දාලා..  ඇඳෙත් බල්ලෙක්වත් නෑ... ඇඳුම් මාරු කරනවද දන්නෑ...  ඇත්තටම මට මේ තාප්පෙන් එහා පැත්තට පැනගන්න බැරිවෙයිද...

හත්තික්කේ හත්තික්කේ ඇයි මෙච්චර දවසක් මට ඕක කල්පනා වුණේ නැත්තේ..

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now