විසිඑක්වන මේඝය

1K 146 88
                                    

"එක්ස්කියුස්මී සර්.. මේ අයි කමින්.."

"ආ එන්න එන්න.. ගෙනාවද රිපෝට්ස් ටික..."

මේසෙට අත් දෙක ගහගෙන බර කල්පනාවක හිටපු මෝක්ෂ ඒ කල්පනාවෙන් මිදුණේ ඔෆිස් එකට ආපු ඔෆිසර් කෙනෙක්ගේ කටහඬින්...

"ඔව් සර්.. මේ පෝස්ට්මෝටම් රිපෝට් එකයි අනිත් ඩොකියුමන්ට්ස් ටිකයි..."

අතේ තිබුණ ෆයිල් එකින් එක මෝක්ෂගේ මේසය උඩින් තියන ගමන් පොලිස් ඔෆිසර් පැහැදිලි කරා..

"ම්ම්ම්.... හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය..... "

නිකටට අත තියාගෙන ෆයිල් එකේ තිබුණ දේවල් මෝක්ෂ මුමුණන්න ගත්තා...

"සර්... ඇයි මේ ඇක්සිඩන්ට් එක වුණු පොලිස් ඩිවිශන් එකේ ඉන්වෙස්ටිගේශන් එක කරන්නේ නැතුව අපිට දාලා තියෙන්නේ.."

"නෑ නෑ.. යොමේන්... එහෙත් ඉන්වෙස්ටිගේශන් එකක් යනවා.. ඒ අතරේ මටත් මේකට පර්සනලි ඉන්වෝල් වෙන්න කියලා එස් එස් පී සර් කිව්වා.. ලොකු පවුලක දුවෙක්නේ ඒක හින්දා වෙන්නැති.."

මේසේ උඩ තිබුණ ෆයිල් තුන හතරම චෙක් කරපු මෝක්ශ පුටුවේ පිටිපස්සට බර වුණේ කල්පනා කරන ගමන්මයි...

"මොනවද නුවරඑළිය පොලිස් ස්ටේශන් එකෙන් ඉන්වෙස්ටිගේශන් එක ගැන ලැබුණු ඉන්ෆොමේශන්.."

"එයාලාගේ රිපෝට්ස් වල තිබුණ විදියට නම් කියවෙන්නේ මේ විහඟි ආදිත්‍යා කියන ගෑනු ළමයා ඩ්‍රින්ක්ස් අරගෙන කඳුපාරක හයි ස්පීඩ් ඩ්‍රයිව් කරන් යද්දි වාහනේ කන්ට්‍රෝල් නැතුව අඩි පන්සීයක් හයසීයක් විතර ගැඹුරු මේ හෙළට පෙරලිලා කියලා... "

"ම්ම්...."

පුටුවෙන් ඉස්සරහට නැවුණු මෝක්ශ ෆයිල් එකින් එක බොහොම පරිස්සමට පෙරළුවේ සෑහෙන අවධානෙකින්...

"ඔයා මේක ගැන ස්ටඩී කරාද යොමේන්.."

"ඔව් සර්.. මේ සිද්දිය වෙලා තියෙන්නේ පාන්දර එකත් දෙකත් ඇතුළත.. ඒ වෙලාවට මේ පාරේ වාහනේ යන්නෙම නැති තරම් ඒ වගේම එදා රෑ සෑහෙන තරම් මීදුමක් තිබිලා තියෙනවා.. විහඟි ආදිත්‍යා එදා දවසෙම ඉදලා තියෙන්නේ නුවරඑළියේ හොටෙල් එකක.. හොටෙල් සීසීටිවී රෙකෝඩ්ස් චෙක් කරාම එයා එළියට ආපු බවක් පේන්න තිබුණේ නෑ සර්.. ඒත් රෑ දොළහයි තිහට විතර විහඟි එළියට ඇවිත් එයාගේ කාර් එකත් ඩ්‍රයිව් කරන් යන්න යනවා... කිසිම වෙනසක් නැතුව..

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now