විසිනවවන මේඝය

1.2K 152 129
                                    

ඔෆිස් රූම් එකක දිග වීදුරු ජනෙල් පේළිය ළඟ හිටගෙන ඈත පේන පරිසරය දිහා බලන් හිටපු මේඝගේ අවධානය තිබුණේ මෝක්ෂගේ කතාවේ.. නිරෝධාගේ මරණය වෙලා දවස් දෙකකට වඩා ගත වෙලා තිබුණත් එයාලට තාම ඉඳපු තැනින් එක අඩියක්වත් ඉස්සරහට තියන්න ලැබුණේ නෑ...

"ඔයාගේ උපකල්පනේ හරි කේශර..."

එළිය බලාගෙන හිටපු මේඝ යන්තමට වගේ බෙල්ල හරවලා මෝක්ශ දිහා බැලුවා...

"දේවප්‍රියගේ ෆස්ට් මැරේජ් එකෙන් මිනිහට දුවලා දෙන්නෙක් ඉඳලා තියෙනවා... ට්වින්ස්ලා.. ඒත් මීට අවුරුදු දහනවයකට විස්සකට විතර කලින් ඒ එක ළමයෙක් මැරිලා.. කෝච්චියට අහුවෙලා...

හැබැයි විස්තරවල තියෙන හැටියට මැරිලා තියෙන්නේ නවිනි ඩිවේන්‍යා දේවප්‍රිය කියලා කෙනෙක්... විහඟි තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ..

ඒ සිද්දියෙන් පස්සේ දේවප්‍රිය ඩිවෝස් වෙලා ඊටපස්සේ තමයි නිරෝධව මැරි කරලා ඔයාලගේ ස්ටේට් එකේ වැඩට ආවේ.. හැබැයි ඩිවෝස් වුණත් එයා එයාගේ ළමයා ගැන බලලා තියෙනවා ඒ කිව්වේ විහඟි ගැන..."

"හැබැයි ඔතන එක වදරක් තියෙනවා..."

"මොකක්ද..."

"කෝච්චියට අහුවෙලා කවුරුවත් මැරුණේ නෑ... ඒවගේම ඇක්සිඩන්‍ට් එකට මූණ දුන්නේ.. නවිනි නෙමෙයි.. විහඟි... ඊටපස්සේ විහඟි මැරුණා කියලා හිතාගෙන.. නවිනි, විහඟි වගේ ජීවත් වුණා පොඩි කාලේ ඉඳන්ම... ඒත් විහඟි ඉදියේ ඔසීවල මෙහේ නෙමෙයි...."

"ඕහ්... විශ්වාසද.. ඕක.."

"ඔව්... හොඳටම විශ්වාසයි.. රියල් විහඟි තාම ඉන්නවා.. ෆේක් විහඟි එහෙමත් නැත්තන් නවිනි තමයි මැරුණේ...."

"හරි දැන් අපි ඊළඟට මොකක්ද කරන්නේ..."

"මාත් ඉන්නේ එතන හිරවෙලා.. එක්කෝ අපි විහඟිව හොයාගන්න ඕන.. එහෙම නැත්තන් මේ අද්භූත පිරිමි කෙනා හොයාගන්න ඕන.. ඒත් තාම ඒකට පොටක් අහුවුණේ නෑ..."

"මර්ඩර් එක කළේ කවුරු වුණත් පළවෙනි එකට වඩා දෙවෙනි එකේදී මාරම විදියට පරිස්සම් වෙලා තියෙනවා.. ඔයා කිව්ව විදියට මිනිහා එහේ ජීවත් වුණත්... කිසිම විදියක හෝඩුවාවක් ඉතුරු කරලා නෙමෙයි ගිහින් තියෙන්නේ..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now