විසිහත්වන මේඝය

1K 157 48
                                    

මන් ඇඟේ තිබුණ අමාරුව හොඳ වෙන්න ටිකක් නිදාගත්තා.. හැබැයි නැගිට්ටට පස්සේ නම් ලොකු අවුලක් තිබුණේ නෑ..

කළුකුමාරයා දිගටම කාර් එක ඩ්‍රයිව් කරනවා.. අනේ මන්දා අමාරු නැද්ද කියලා.. දොළහටත් ළඟයි... මන් වචනයක්වත් නොකිය ශටර් එකෙන් එළිය බලාගෙනම ආවා...

ටික වෙලාවයි ගියේ කළුකුමාරයා එකපාරටම කාර් එක නැවැත්තුවා...

මන් ඔලුව හරවලා බලන්න හදනකොටම වගේ කළුකුමාරයා බැහැලා යන්න ගියා.. අඩේ පිස්සුද මන්දා මේ මල හීතලේ මහ රෑ එළියට යන්න මන් බලන් ඉදියේ කළුකුමාරයා මොකක්ද කරන්නේ කියලා...

මිනිහා ගිහින් බොනට් එකට හේත්තු වෙලා ඉස්සරහා බලාගෙන අත් දෙක පපුවට බැඳගත්තා.. වන්නමක් නටන්නද දන්නෑ යන්නේ.. ටිකක් වෙලා ඒ පොසිශන් එකේම ඉඳපු මනුස්සයා ඉස්සරහට ඇවිදගෙන ගියා...

හෙඩ් ලයිට් එකේ එළිය විහිදිලා තිබුණ පරාසයට යනකන්ම  මන් බලන් ඉදියා කළුකුමාරයා ඇවිදගෙන යන දිහා.. ඊටත් එහාට දිගටම කළුකුමාරයා ඇවිදගෙන යන්නැති... ඒත් මට පෙනුනේ නෑ....

විනාඩි පහළොවකට වගේ පස්සේ කළුකුමාරයා ඇවිත් කාර් එක ස්ටාට් කරගෙන යන්න ගත්තා.. මොන විකාරයක් කරනවද කියලා මට නම් මෙලෝ හසරක් තේරෙන්නේ නෑ...

ඒත් මන් එක වචනයක්වත් කිව්වේ නෑ.. කට හින්දනේ මන් හැමදාම නහින්නෙ.. මොකටද නිකන් ආයේ දැන දැනම අමාරුවේ වැටෙන්නේ....

තවත් විනාඩි පහළොවකට විසිපහකට වගේ පස්සේ අපි ඉදියේ මේඝගේ නුවරඑළියේ එස්ටේට් එකේ ගෙදර ඉස්සරහා... මන් හිතුවා උඩ දාන් එනකොට මෙහේ තමයි කියලා....

මටත් කලින් ම කළුස් කාර් එකෙන් බැස්සා...

"මගේ බෑග් එකත් අරන් එන්න..."

එහෙම කියලා යතුරත් වන වන ඇතුළට ගියා.. පිස්සු උගුඩුවා මට කියලා මුට්ට කරගස්සවන්න හදන්නේ...

කමක් නෑ... කාපු ඒවා තව ටිකක් හරි බහීනේ කියලා හිතාගෙන එයාගේ බැග් එකයි මගේ බෑග් එකයි දෙකම අරගෙන මන් ගේ ඇතුළට ගියා... කලින් දවසේ මන් ඉඳපු රූම් එකෙන්ම මගේ බෑග් එක තියලා මන් කළුකුමාරයගේ බෑග් එක අරගෙන ගියේ එයාගේ රූම් එකට...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now