Chapter 1

6.1K 508 389
                                    


~විසකටු අතර සැඟවුණු කළු රෝස මලක් මුත්, මාපල් ගහක් මෙන් ඔහු සංවේදී යැයි හඳුනා ගත්තේ ඔහුම පමණයි~

~විසකටු අතර සැඟවුණු කළු රෝස මලක් මුත්, මාපල් ගහක් මෙන් ඔහු සංවේදී යැයි හඳුනා ගත්තේ ඔහුම පමණයි~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________•°•_________

වේගයෙන් ඇදුණු සුඛෝපභෝගී රථය ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින විශ්වවිද්‍යාල සිසුන් අතරින් ඉදිරියට ඇදුණා.

"දූෂණය නවතනු!"

"පීඩිත ජනයා පෙළීම නවතා දමනු!"

"ජනාධිපති ඉල්ලා අස්වෙනු!"

"හොරුන් හට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ නොදෙමු!"

"හහ්! මෝඩ මිනිස්සු! දුර්වලයා හැමදාම ශක්තිවන්තයට පරාදයි." තමුන්ටම කියාගත්තු තරුණයා සෙනඟ අතරින් වාහනය ඉදිරියට අරගෙන ගියේ සිසුන් බියෙන් ඉවතට පැන ඔහුට ඉඩ දෙද්දි.

වෙනත් කිසිදු අයෙක් කලහකාරී උද්ඝෝෂකයන් අතරින් සිය රථය ගෙන යාමට තරම් නිර්භය නොවුණත් ඔහු විශේෂ අයෙක්. ම්ම්.. ඔහු බලයෙන් වැඩි අයෙක් යැයි පැවසුවහොත් වඩාත් නිවැරදියි.

මද දුරක් යත්ම හමුදාවෙන් සහ පොලිසියෙන් පහර කන තරුණ තරුණියන්ව රථයේ පැති කණ්ණාඩියෙන් දර්ශනය වෙද්දී ඔහුගේ දෙතොල් කොනක සිනහවක් මතු වූයේ ඔහු නිවැරදි බව දෑස් ඉදිරියේම සනාථ වූ නිසාවෙන් විය යුතුයි.

වේගයෙන් ඇදුණු ඔහුගේ සුඛෝපභෝගී රථය සෝල් නගරයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරියේ නැවතුණා. ඔහුව හඳුනාගත් සැනින් විමසීමකින් හෝ පරීක්ෂාවකින් තොරවම සමාජ ශාලාව තුලට පිවිසීමට ඔහුට අවසර ලැබුණා. ඉහළ පැළැන්තියට පමණක් වෙන්වුණු VIP කොටසට ඇතුල් උනු ඔහු වක්‍රාකාර සුවපහසු සෝෆාවෙන් ඉඳගත් සැනින් සේවකයින් ඔහුගේ ප්‍රියතම මත්පැන් වර්ග ඔහුට පිළිගන්වා සිටියා. ඒත් එක්කම කෙටි ඇඳුම් වලින් සැරසුණු සරාගී යුවතියන් බොහෝ දෙනෙක් ඔහු වෙතට පැමිණුනා. අයෙක් ඔහුගේ දෙපසට විහිදුනු එක් කකුලක් මතින් අසුන් ගනිද්දි තවත් අයෙක් ඔහුගේ අනිත් කලවය මතින් අසුන් ගත්තා. තවත් යුවතියන් දෙදෙනෙක් ඔහුගේ දෙපසින් අසුන් ගෙන ඔහුගේ පපුව පුරා අතැඟිලි යැව්වා. කළු පැහැයෙන් සිත්තම් කර ඇති ඔහුගේ දකුණත එක යුවතියකගේ බඳ වටා එතෙද්දි lip ring එකකින් සැරසුණු ඔහුගේ රෝස පැහැ දෙතොල් තවත් යුවතියකගේ දෙතොල් මතින් තදවුණා. එක් යුවතියකගේ සුරත ඔහුගේ පිරුණු පපුව මතින් පාතට ඇදීගෙන ගොස් ඔහුගේ කලිසම වෙතට ළංවෙත්ම ඔහුගේ අතක් ඇගේ සුරත තදින් අල්ලා ඇයව නැවතූවා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now