Chapter 2

2.6K 445 400
                                    

බිම්මහලේ සැඟව තිබුණු රහසිගත කුටිය පුද්ගලයන් සය දෙනෙකුගෙන් පිරී තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බිම්මහලේ සැඟව තිබුණු රහසිගත කුටිය පුද්ගලයන් සය දෙනෙකුගෙන් පිරී තිබුණා. තනි කළු ඇඳුමින් සැරසී සිටි ඔවුන්ගේ මුහුණු වල යම් ස්ථිරසාර බවක් ගැබ්ව තිබුණා.

"එහෙනම් ඌ නීතියෙන් බේරුණා." ඒ කණ්ඩායමේ නායකයා බව පෙනුනු තැනැත්තා හඬ අවදි කරා.

"ඕක ගැන අහන්න දෙයක්ද RM? මේ රටේ හැමදාම උනේ ඕකනේ." තුවක්කු කටට පිඹින ගමන් අයෙක් ගැඹුරු හඬකින් පැවසුවා. ඒ හඬේ ගැබ්ව තිබුණේ සමච්චල් සහගත බවක්.

"මං කොච්චර ට්‍රයි කරත් ඌට නීතියෙන් දඬුවම් දෙන්න බැරිවුණා. උන්ට සල්ලි තියෙන නිසා ලේසියෙන්ම නීතියෙන් පැනලා ගියෑකි." ඒ වදන් වල ගැබ්ව තිබුණේ කලකිරීමක්.

"අපි ඒක දන්නවා j-hope.. ඒ නිසා අපි අපේ විදිහට ඌට දඬුවම් කරමු." කට කොනක සිනහවක් සමඟින් මුසුවූ අර ගැඹුරු හඬ ආයෙමත් අවදිවුණා.

"අනිවාර්‍යෙන්ම V. Suga, උඹට පුළුවන් උනාද ඌ ඉන්න තැන හොයාගන්න?" RM එසේ අසද්දි සියල්ලන්ගෙම දෑස් laptop එකට සම්පූර්ණ අවදානය දීගෙන හිටපු සුදු පාට තරුණයා දෙසට ඇදුණා.

"තව ටිකයි.. මං උගෙ ෆෝන් එක trace කරන්න ට්‍රයි කරන්නෙ. ඉක්මනට ඌ ඉන්න තැන අපිට දැනගන්න පුළුවන් වෙයි." හැඟීමක් නැති හඬකින් ඔහු පිළිතුරු ලබාදුන්නා.

"RM, G-dragon ගෙන් පණිවිඩයක් ඇවිත් තියෙයි." දුරකථනය දෙසට නෙත් යොමුකරපු කුඩා තරුණයා එසේ පවසද්දි RMගෙ දෑස් ඔහු වෙතට යොමුවුණා.

"කියන්න Chim.. මේ පාර ඌ මොනවද කියලා තියෙන්නෙ?"

"ඌ කියලා තියෙයි අපි උගෙ human trafficking business එකට උදව් කරනවා නම් උගෙ ඉටලි ඩීලර්ට අපිව අඳුන්වලා දෙන්නම් කියලා."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now