Epilogue

2.7K 436 531
                                    

7 years later,

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.


7 years later,

"බේබි.. මම ගෙදර ආවා.." ටේහ්‍යොන්ග් දොර වහන ගමන් කෑගැහුවම ඔක්කොටම කලින් ටේහ්‍යොන්ග්ගේ පුළුන් බෝලෙ එයාගෙ චූටි කකුල් වලින් දුවගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ගේ ඇඟට පැන්නා.

"ඒයි.. හැමදාම ඔයා මට කලින් දුවනවා.. ඔයා හරි නරකයි ටැනී.. එක දවසක් හරි මට ඉස්සර වෙන්න දෙන්න. හුම්.." ටැනීගෙ පස්සෙන් තරඟෙට දුවගෙන ආපු ජන්ග්කුක් මූණත් දෙක කරගෙන ටැනීට රවද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කරවටේට අතක් දාලා කොල්ලව එයාගෙ සයිඩ් එකකට තුරුල් කරගෙන ඒ කම්මුලක් ඉම්ඹා.

"වූෆ්!" ටේහ්‍යොන්ග්ගේ අනෙක් අතේ හිටපු ටැනී ඒ පාර කෙඳිරි ගාන්න ගත්තෙ හරියට එයාටත් ටේහ්‍යොන්ග්ගේ කිස් එක ඕනෙවෙලා වගේ.

"ඔයාට අද කිශි නෑ.. හූ හූ හොඳ වැඩේ.." දිව දික්කරලා ටැනීට ඇද කරන ජන්ග්කුක් දිහා බලලා ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වැනුවෙ හිනාවෙන ගමන්.

"අවුරුදු තිස්පහක් වෙලත් ඔයා නම් තාමත් ඉස්සර හිටපු හුරතල්, දඟ කොල්ලම තමයි බේබි."

"කාගෙද ඉතින් වැරැද්ද? බේබි බේබි කියලා හුරතල් කරන අයම තමයි වැරදි කියලා ජින් හ්‍යොන්ග් කියන්නෙ නිකන් නෙවෙයිනේ."

"ඔව් ඔව්.. මගෙ තමයි වැරැද්ද." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව එයාගෙ තුරුලෙන් නිදහස් කරලා ටැනීවත් ඉඹලා බිමින් තිබ්බම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතින් එයාගෙ බෑග් එක ගත්තා. සපත්තු දෙක ගලවලා shoe rack එකෙන් තියපු ටේහ්‍යොන්ග් එයාගෙ කෝට් එකත් ගලවලා ජන්ග්කුක්ගෙ අතට දුන්නා.

"අද ඔයා මොනවද කරේ බේබි?" ටේහ්‍යොන්ග් උඩට යනගමන් අහද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සෙන් උඩට ඇදුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now