Chapter 3

2K 427 212
                                    


"හෙල්ප්ප්ප්ප්!!!!! අහ්! ම්ම්ම්හ්හ්ප්.."

"යාහ්.. ශට් අප් ඊඩියට්."

කොල්ලා V ව දැකපු ගමන් හයියෙන් බෙරිහන් දෙන්න ගත්තු නිසා V ඉක්මනට පැනලා ජන්ග්කුක්ගේ ඔලුව පිටිපස්සෙන් අතක් යවලා අනිත් අතින් ජන්ග්කුක්ගේ කට තදකරලා වැහුවා.

"ම්ම්හ්!"

"දඟලන්නෙ නැතුව ඉන්නවා. මං කියන විදිහට කරොත් තමුසෙගෙ ලස්සන මූණ ඔය විදිහටම ලස්සනට තියේවි. නැත්නම් මේ ඉන්න එකාගෙ වගේ රතුපාට දම්පාට පැල්ලම් ගොඩක් තමුන්ගේ ඇඟ හැමතැනම තියේවි." V තර්ජනය කරාම ජන්ග්කුක් දඟලන එක නතර කරා.

"දැන් කටපියාගෙන ආපු වැඩේ කරගෙන මෙතනින් යනවා. මේ ගැන කාටහරි කියලා තිබුණොත් මං බලාගන්නම්."

"තමුන් දන්නවද මං.." ජන්ග්කුක් පටන් ගත්තත් V ඔහුට බාධා කරා.

"මහලොකු ජනාධිපතිගේ එකම පුතා ජොන් ජන්ග්කුක්.. තමුන් කවුරු උනත් මට වැඩක් නෑ. මං කියපු විදිහට කරනවා." V ගෙ ගැඹුරු හඬ ජන්ග්කුක්ගේ කෝපය ඇවිස්සුවත් ඒ වෙලාවෙ ජන්ග්කුක්ට කරන්න දෙයක් තිබ්බෙ නෑ. ජන්ග්කුක් කියන්නෙ බොඩිගාඩ්ලව මඟ ඇරලා ක්ලබ් එන කෙනෙක්. ජන්ග්කුක් ජනාධිපතිගේ පුතා කියලා දන්න නිසාම කවුරුත් ජන්ග්කුක්ට කරදරයක් කරන්න හිතුවෙ නෑ. ඔව්.. අද වෙනකම්. ජන්ග්කුක්ට මීටකලින් කිසිම කෙනෙක් මේ විදිහට කතා කරලා තිබ්බෙ නෑ. ජන්ග්කුක්ගේ කෝපයෙන් පිරුණු දෑස් V ගෙ මූණ පුරා දිව්වත් මාස්ක් එකකින් වැහුණු මූණෙ උඩ කොටස විතරයි ජන්ග්කුක්ට දැකගන්න පුළුවන් වුණේ. Vගෙ අකීකරු කොණ්ඩෙ නළලට වැටිලා තිබුණු නිසා ජන්ග්කුක්ට පැහැදිලිව දැකගන්න පුළුවන් උනේ හැඟීම් විරහිත දිගු තියුණු දෑස් පමණයි.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now