Chapter 9

1.8K 426 301
                                    


"උඹ හින්දා නිදාගන්නවත් නෑ මගුල." ටේහ්‍යොන්ග්ට බැන බැන ආපු සුගා සෝෆා එකට වැටෙද්දි සුගාත් එක්කම ආපු හොබී සීරියස් මූඩ් එකක ඉන්න ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් ඉඳගත්තා.

"දැන් ඇයි උඹ අපිට එන්න කිව්වෙ?"

"කට්ටියම ආවම මං කියන්නම්. නැත්නම් මට එකම කතාව තුන් හතර පාරක් කියන්න වෙන්නෙ." ටේහ්‍යොන්ග් දිග හුස්මක් පාතට හෙලලා කිව්වම හොබී ප්‍රශ්නාර්ථ සහගතව සුගා දිහා බැලුවත් දෙවුරිස් හකුලවපු සුගා ඇස් දෙක පියාගත්තා.

කොහොමහරි විනාඩි පහළොවක් විතර යද්දි හැමෝම බේස්මන්ට් එකට ඇවිත් තිබුණේ ටේහ්‍යොන්ග් ඇයි හදිසියේම එයාලට එන්න කිව්වෙ කියන කුතුහලයෙන්.

"දැන් මොකද්ද උනේ? උඹ ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙකද V?" ටේහ්‍යොන්ග්ගේ මූණෙ වෙනස හොඳින් තේරුම් ගත්තු ජිමින් අහද්දි අනිත් හැමෝමත් සෝෆා එකේ ඉඳගෙන ඔලුව බිමට හරවගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා. කට්ටියගෙම අවදානය ඔහු වෙතට යොමුවෙලා තියෙන්නෙ කියලා දැනෙද්දි දිග සුසුමක් පිට කරපු ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා හැමෝම දිහා බැලුවා.

"ම්-මං ප්‍රසිඩන්ට්ගෙ පුතාව පැහැර ගත්තා.." එහෙම කියලා ටේහ්‍යොන්ග් තදින් ඇස්දෙක පියාගත්තා.

කට්ටියම ටික වෙලාවක් යනකම් ශොක් වෙලා වගේ ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා.

"උඹ කිව්වනෙ ආයෙ උගෙ ඔත්තු බලන්න යන්නෙ නෑ කියලා." සුගා කිව්වම හැමෝම සුගා දිහා බැලුවෙ ඒ කතාවෙ තේරුම හිතාගන්න බැරුව.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now