Chapter 5

1.9K 416 192
                                    

කාමරේ දොර ඇරෙන සද්දෙට ෆෝන් එකත් එක්ක බිසී වෙලා හිටපු ජන්ග්කුක් ගැස්සිලා ගියත් ජන්ග්කුක්ගෙ අවසරයකින් තොරව ජන්ග්කුක්ගෙ කාමරේට එන්නෙ එකම එක කෙනෙක් විතරක් නිසා ජන්ග්කුක් ආයෙමත් සන්සුන් වුණා.

"කූ.. ස්වීටි."

"මීරා ඔම්මා.."

අවුරුදු 45ක පමණ කාන්තාවගේ තුරුලට පැනපු ජන්ග්කුක් මුමුණද්දි මීරා නම් උනු ඒ කාන්තාවගේ මුහුණ ආදරණීය සිනහවකින් හැඩවුණා.

"මොකද අද මගෙ දඟමල්ලට කන්න බෑ කිව්වෙ.. ආ?"

"අර අලුතින් ආපු කෙල්ල මගෙ මූඩ් එක විනාස කරා." මීරාව ඇඳෙන් ඉන්ඳවලා ඒ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තු ජන්ග්කුක් තොලුත් උල්කරගෙන සිද්ද උනු දේ විස්තර කරද්දි මීරා ජන්ග්කුක්ගෙ සිනිඳු කෙස් අතරින් අතැඟිලි යැව්වා.

"ඔයා ඉතින් පුංචි කුමාරයෙක් වගේ ලස්සන උනු එක ඒ ගෑණු ළමයාගේ වැරැද්දක් නෙවෙයිනේ කූ.."

"යාහ් මීරා ඔම්මා.. බොරු කියන්නෙපා.. මං ලස්සන නෑ.."

"හරි හරි.. මගේ කොල්ලා ලස්සන නෑ හැන්ඩ්සම්.. දැන් හරිනෙ නේද?"

"අන්න හරි.. මීරා ඔම්මගෙ ස්වීටි හැන්ඩ්සම් කොල්ලෙක්."

"ම්ම්.. දැන්වත් නැගිටින්නකෝ.. අපි ගිහින් කාලා එමු."

"හ්ම්ම්.. " ජන්ග්කුක් මීරාට කීකරු වෙලා නැගිටිද්දි මීරාගෙ ඇස් වල ආදරණීය බැල්මක් නැගුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now