Chapter 31

1.6K 381 77
                                    

මින්ජුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින්ජුන්.. ජන්ග්කුක්ගෙ අප්පගෙ මල්ලි.. මල්ලි කිව්වට එක කුස උපන් සහෝදරයෙක් නෙවෙයි. මින්ජුන් කියන්නෙ හ්‍යුන්සුක්ගේ දුරින් නෑකමක් තියෙන ඥාති සහෝදරයෙක්. එයාගෙ අප්පගෙ කතාවෙන් පස්සෙ ජන්ග්කුක්ට තේරුණා මින්ජුන් මුල ඉඳන්ම එයාලගෙ පවුල විනාස කරලා කියලා. ටේහ්‍යොන්ග්ගේ ජීවිතය වගේම මීරාගෙ ජීවිතය ගැන කියලා තර්ජනය කරපු නිසා ජන්ග්කුක්ට සිද්දවුණා අකමැත්තෙන් උනත් එයා මේ හැමදේටම සම්බන්ධයි කියලා ටේහ්‍යොන්ග් ඉස්සරහ පිළිගන්න.
ඔව්, ජන්ග්කුක් හැමදෙයක්ම කරේ මින්ජුන් එයාට තර්ජනය කරපු නිසා. Bulletproof gang එක ෆලෝ කරන්න පටන් ගත්තු දවසෙ ඉඳන් මින්ජුන් ජන්ග්කුක්ව එයාගෙ ගෙදරම හිරකරගෙන හිටියෙ. ජන්ග්කුක්ගෙ ෆෝන් එක පවා තිබුණේ මින්ජුන්ගෙ ගෝලයො අතේ. ජන්ග්කුක්ට එයාගෙ ගෙදරින් පිටවෙන්න කිසිම අවසරයක් තිබුණේ නැහැ. ජන්ග්කුක්ට කාවවත් හම්බවෙන්නවත් මින්ජුන්ගෙ ගෝලයෝ ඉඩදුන්නෙ නැහැ. මීරාව පවා මින්ජුන් වෙනම තැනක හංගලා තිබුණා.
ඒ නිසයි ජන්ග්කුක් එයාගෙ අප්පා කෝල් කරපු වෙලාවෙ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් දේහ්‍යුන්ට එයාගෙ location share කරේ. ඒ වගේම අප්පා ලව්වා මීරාව බේරගන්න කටයුතු කරේ. මොකද ජන්ග්කුක්ට තේරුණා මින්ජුන්ගෙ කතාවෙන් සහ හැසිරීමෙන් හ්‍යුන්සුක් මේ දේවල් වලට සම්බන්ධ නෑ කියලා. අප්පා කතාකරලා මීරාට එන්න කිව්වම මින්ජුන්ට සිද්ද වෙනවා අනිවාර්යයෙන්ම මීරාව ආපහු ජන්ග්කුක්ගෙ ගෙදරට ගිහින් දාන්න. ඒ වගේම ජන්ග්කුක් හ්‍යුන්සුක්ගේ ගෙදර යන්න තීරණය කරෙත් එතකොට එයාට ආයෙමත් එයාගෙ නිදහස ලැබෙන නිසා.

ජන්ග්කුක් බොළඳයි.. ආදරේ ළඟදි ඉක්මනට රැවටෙනවා. හැබැයි එහෙමයි කියලා ජන්ග්කුක් කියන්නෙ මෝඩයෙක් නෙවෙයි. ඉතින් මුලදි මින්ජුන්ට රැවටුනා උනත් මින්ජුන්ගෙන් එයාගෙ ටේහ්‍යොන්ග්ව බේරගන්න ජන්ග්කුක් මේ වෙලාවෙ ලොකු ප්ලෑන් එකක් ගැහුවා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now