Chapter 21

1.9K 411 253
                                    

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව බලන්න එයාගෙ ගෙදරටම ගිහින් සති දෙක තුනක් ගතවෙලා ගිහින් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව බලන්න එයාගෙ ගෙදරටම ගිහින් සති දෙක තුනක් ගතවෙලා ගිහින් තිබුණා. ගතවුණු කාලය ඇතුලත ජන්ග්කුක් ආයෙමත් බේස්මන්ට් එකට එන එකත්, ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ගෙදරටම එයාව බලන්න යන එකත් සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.

ඒ දෙන්නගෙ සම්බන්ධෙ ගැන කිව්වොත්.. ම්ම් මෙහෙමයි.. ජන්ග්කුක් මේ වෙද්දි ටේහ්‍යොන්ග්ට කැමැතියි කියලා ටේහ්‍යොන්ග්ට පවා තේරිලා තිබුණේ. ඒත් ඒ ප්‍රශ්නෙ ඇදීගෙන එනකොට හැමදාම ජන්ග්කුක් ඒ ප්‍රශ්නෙ මඟාරිනවා. ඒ මොනවා උනත් ඒ දෙන්නගෙ හැසිරීම නම් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලට සමාන වුණා. මොකද හොඳම යාලුවො අනිත් කෙනාව හැමදාම බලන්න ඇඟිලි ගනින්නෙත් නෑ.. හම්බවෙන හැමදාම පිස්සුවෙන් වගේ කිස් කරන්න යන්නෙත් නෑනෙ.

ඒ වගේම ජන්ග්කුක් පොරොන්දු උනු විදිහටම එයාගෙ අප්පට විරුද්ධව හොයාගත්තු සාක්ෂි නම්ජුන්ට භාරදීලා තිබුණා. ඒත් නම්ජුන් ජන්ග්කුක්ගෙ අප්පට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පරක්කු කරේ මිස්ටර් ජොන් හ්‍යුන්සුක්ට විරුද්ධව නඩු දාන්න කලින් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස් කරන එක නුවණට හුරු ක්‍රියාවක් උනු නිසා.

සුපුරුදු පරිදි ඉරිදා උදේම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ගන්න එයාලගෙ ගෙදරට ආවෙ නිවාඩු දවසක් උනු එදා දවසම ජන්ග්කුක් එක්ක ගත කරන්න පුළුවන් උනු නිසා.

"අපි කොහෙද මේ යන්නෙ?" බේස්මන්ට් එකට යන පාරට වෙනස් පාරකට ටේහ්‍යොන්ග් කාර් එක හරවද්දි ජන්ග්කුක් ඇහුවෙ කුතුහලයෙන්.

"අපේ ගෙදර.."

"ආහ්?"

"අප්පට ඔයාව බලන්න ඕනෙ කිව්වා.." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවෙ ඇසුත් ලොකුකරගෙන.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now