Chapter 12

1.9K 406 258
                                    

ජන්ග්කුක්ගෙ කාමරේ සම්පූර්ණයෙන්ම පේන්ට් කරලා ටේහ්‍යොන්ග් නාගෙන එද්දි ජන්ග්කුක් කාලා හොඳට නිදාගෙන හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක්ගෙ කාමරේ සම්පූර්ණයෙන්ම පේන්ට් කරලා ටේහ්‍යොන්ග් නාගෙන එද්දි ජන්ග්කුක් කාලා හොඳට නිදාගෙන හිටියෙ.
ජන්ග්කුක්ගෙ නළලෙ පැත්තක් වැහෙන්න තඩි ප්ලාස්ටර් එකකුත් ජින් ගහලා තිබුණා. ජන්ග්කුක් නිදාගෙන ඉන්න තාලෙට පව් කියලා හිතුණු නිසා ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ handcuffs ඔක්කොම අයින් කරලා ඩුවට් එක ජන්ග්කුක්ගෙ ඇඟ වැහෙන්න දැම්මා. හා හා.. වැරදියට හිතන්නෙපා. ටේහ්‍යොන්ග් එහෙම කරේ කොල්ලගෙ තියෙන මනුස්සකමට මිසක් වෙන දේකට නෙවෙයි.

ටේහ්‍යොන්ග් නාගන්න අතරෙ ජින් ජිමින් එක්ක එකතුවෙලා ජන්ග්කුක්ගෙ ඇඳුම් ටික අල්මාරියට දාලා ඇඳටත් කොට්ට මෙට්ට දාලා කාමරේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට හැදුවා. නම්ජුන් කියපු විදිහට ජන්ග්කුක් කියන්නෙ මොනා උනත් රටේ මුල් පුටුවෙ අයිතිකාරයා උනු මනුස්සයගෙ එකම දරුවා නිසා කට්ටියම අකමැත්තෙන් උනත් ජන්ග්කුක්ට හොඳින් සලකන්න හිත හදාගත්තා. කොහොමත් කොල්ලගෙ ටකරං කට තිබ්බෙ නැත්නම් ජන්ග්කුක්ගෙ කියන්න තරම් වැරැද්දක් නෑ කියලත් ඒ වෙද්දි කට්ටියටම තේරිලා තිබුණේ.

ටේහ්‍යොන්ග් ආවට පස්සෙ කට්ටියම සාලෙ තිබුණු සෝෆා සෙට් එකෙන් ඉඳගෙන ෆිල්ම් එකක් දාගෙන සුගා හදපු කෑම රසවිඳින්න ගත්තා.

පැය ගානක් ඔය විදිහට කට්ටියම විනෝදෙන් හිනාවෙවී ගත කරන අතරෙ නිදාගෙන හිටපු ජන්ග්කුක්ට ඇහැරුණා. එකපාරටම ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි උනත් ටිකකින් හැමදේම මොලේට process වෙද්දි ජන්ග්කුක් හිමීට නැගිටලා ඇඳෙන් ඉඳගත්තා. සාලෙ ඉන්න කට්ටියම හයියෙන් හිනාවෙවී කෑගහන සද්දෙ ටික වෙලාවක් අහගෙන හිටපු ජන්ග්කුක්ට හේතුවක් නැතුවම දුක හිතෙද්දි ඒ ඇස් ලා කඳුලු පටලයකින් වැහිලා ගියා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now