Chapter 27

1.8K 405 422
                                    


"පොඩ්ඩක් ඉන්නවා.. මොකද්ද මේ?" ජන්ග්කුක් දඟලන අතරෙ ජන්ග්කුක්ගෙ බෙල්ලෙ රතුපාට සලකුණක් යාන්තමට දැකපු හ්‍යුන්සුක් කොල්ලගෙ බෙල්ල පැත්තකට නමලා ජන්ග්කුක්ගෙ බෙල්ල දිහා හොඳට බැලුවා.

"ත්-තමුන් ඒ පාර වටේ යන්නත් පටන් ගත්තද?"

"මට දැන් අවුරුදු 25ක් අප්පා!" ජන්ග්කුක් කට කොනකින් හිනාවෙලා කිව්වම හ්‍යුන්සුක්ගේ කට නිකන්ම වැහුනා.

"හරි.. තමුසෙ මට ඔය කෙල්ල ගැන කියනවා.. ඊටපස්සෙ ඒ කෙල්ල අපට ගැලපෙනවා නම් මම තමුසෙව ඒ කෙල්ලට බන්ඳවලා ඒකත් ඉවරයක් කරලා දාන්නම්." හ්‍යුන්සුක් ඒක කිව්වෙ හරියට ජන්ග්කුක් කියන්නෙ එයාගෙ තවත් එක ප්‍රොජෙක්ට් එකක් කියලා හිතාගෙන.

"එයා කොල්ලෙක්! මම එදා කිව්වෙ මම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගත්තා කියලා. ඇයි දැන් ඒක මතක නැද්ද?" ජන්ග්කුක්ගෙ ප්‍රියතම රාජකාරිය උනේ එයාගෙ අප්පව අවුස්සන එක. ඉතින් ජන්ග්කුක් ඇත්තම කියන්න තීරණය කරා. ඒ කටකොනකින් නැගුණු හිනාව දැක්කම හ්‍යුන්සුක්ට තවත් තරහ ගියා.

"ජන්ග්කුක් තමුසෙ මගෙ එකම ළමයා! මට බෑ ලෝකෙ ඉස්සරහ විහිලුවක් වෙන්න.. මම මේ රටේ ජනාධිපති." හ්‍යුන්සුක් කේන්තියෙන් කෑගහද්දි ජන්ග්කුක් හිනාවෙවී බලන් හිටියා.

"ඒ උනාට මම කැමති එයාට විතරයි.. අමාරුවෙන් හරි ඔයාට පිළිගන්න වෙනවා ඒක.."

"තමුසෙට තියෙන්නෙ ලෙඩක්.. තමුන්ගෙ ඔම්මා වගේම තමුසෙත් මානසික ලෙඩෙක්." හ්‍යුන්සුක් කිව්වම ජන්ග්කුක්ගෙ ඇස් කෝපයෙන් රතුවෙලා ගියා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now