Chapter 18

1.9K 413 122
                                    

ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක් එයාගෙ රෝස පාට හාවො ඉන්න පිජාමා එකත් ඇඳගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ට එහාපැත්තෙන් ඉඳගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක් එයාගෙ රෝස පාට හාවො ඉන්න පිජාමා එකත් ඇඳගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ට එහාපැත්තෙන් ඉඳගත්තා.

"ඒයි.."

"ම්ම්?"

"මාව හෙට ගෙදර ගිහින් දානවද?"

"හෙටම??" ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව යවන්න හිත හදාගෙන තිබුණත් ජන්ග්කුක් හෙටම යන්න අහද්දි ටේහ්‍යොන්ග්ට දැනුනෙ ලොකු දුකක්.

"හ්ම්ම්.. මට මීරා ඔම්මව බලන්න ඕනෙ." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.

"හ්ම්ම්.. එහෙනම් හෙට උදේ ලෑස්ති වෙලා ඉන්න. මං ඔයාව එක්කන් යන්නම්."

"මං ප්‍රොමිස් වෙනවා ඔයාලා ගැන කිසිම දෙයක් කාටවත් කියන්නෙ නෑ කියලා."

"හ්ම්ම් තෑන්ක්ස්."

එතනින් එහාට කතා කරන්න බැරි ගතියක් දැනුනු නිසා ජන්ග්කුක් නැගිට්ටෙ නිදාගන්න යන්න.

"මං යනවා නිදාගන්න එහෙනම්.. ගුඩ් නයිට්."

"ගුඩ් නයිට්.." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් හැරිලා එන්න ආවා. ඒත් ටික දුරක් යද්දි ටේහ්‍යොන්ග් ආයෙමත් කතා කරපු නිසා ජන්ග්කුක් ආපහු හැරුණා.

"උම්.. ඔයාට පුළුවන්ද අද මාත් එක්ක නිදාගන්න?" ජන්ග්කුක්ගෙන් එහෙම අහන්න ලොකු අපහසුවක් දැනුනත් ටේහ්‍යොන්ග් අන්තිමේදි ඒක අහන්න තීරණය කරා.

"හ්ම්ම්.. ඕකේ." ජන්ග්කුක්ට ටේහ්‍යොන්ග්ගේ ඉල්ලීමට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණෙ නෑ. අනික ඇත්තටම ජන්ග්කුක්ටත් ඕනෙ උනා තව එකපාරක් ටේහ්‍යොන්ග්ගේ අත් අතරට වෙලා නිදාගන්න. මොකද සමහරවිට මේ ඒ වගේ අවස්ථාවක් ලැබෙන අන්තිම වතාව වෙන්නත් පුළුවන්.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now