Chapter 20

2K 429 307
                                    

Happy Taekook Day💚💜️

සතියකට පසු,

ටේහ්‍යොන්ග් මේ සතියම බේස්මන්ට් එකට නොයා එයාගෙ ගෙදර ඉන්න තීරණය කරේ එතකොටවත් ජන්ග්කුක්ව මතක්වෙන එකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතලා. මොකද බේස්මන්ට් එකේ එයාව පිළිගන්න කවුරුත් නොහිටියට එයාගෙ ගෙදර නම් එයාව එද්දි ආදරෙන් පිළිගන්න එයාගෙ ආදරණීය ටැනී හිටියා. ඉතින් කොච්චර මහන්සි වෙලා ආවත් ගෙදරට එද්දිම දුවගෙන ඇවිත් ඇඟට පනින බෝල ගෙඩිය නිසා ටේහ්‍යොන්ග්ගේ මූණ හිනාවකින් සැරසෙනවා. ඒ වගේම කොච්චර කාර්යබහුල උනත් ටේහ්‍යොන්ග්ගේ අප්පා පුළුවන් හැමවෙලාවකම ටේ ළඟින් ඉන්න නිසා ටේහ්‍යොන්ග් හිතුවා ගෙදර ඉන්න එකෙන් එයාට ජන්ග්කුක්ව අමතක කරන එක ලේසි වෙයි කියලා.

ඒත්, මොන දේවල් තිබුණත්.. කරත්.. ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක්ව මතක්වෙන එක නවත්තන්න ඒ කිසිම දේකට බැරිවුණා. ඒ සතියටම ටේහ්‍යොන්ග් ජන්ග්කුක් ගැන අහපු එකම ආරංචිය උනේ මිස්ටර් ජොන් විසින් ඔහුගේ පුතා ආරක්ෂිතව ආපසු නිවසට පැමිණි බවත් ඔහුගේ පැහැරගැනීම සම්බන්ධයෙන් දිගටම කරුණු සොයාබලන බවටත් සිදුකල මාධ්‍ය ප්‍රකාශය. ඒ ඇරෙන්න ජන්ග්කුක්ව contact කරගන්න පුළුවන් ක්‍රමයක් ටේහ්‍යොන්ග් සතුව තිබුණේ නැහැ. නම්ජුන්ගෙ අනුදැනුම පිට ජන්ග්කුක් මීරාට කතාකරපු අංකය ඒ වෙද්දි භාවිතයෙන් ඉවත් කරලා තිබුණු නිසා ටේහ්‍යොන්ග්ට මීරාගෙ අංකය වත් ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතින් ජන්ග්කුක්ව නොදැක ඉන්න තවදුරටත් බැරිවෙද්දි ටේහ්‍යොන්ග් කිසිම දෙයක් ගැන නොහිතා, කාටවත්ම නොකියා ජන්ග්කුක්ව බලන්න යන්න තීරණය කලා. ඔව්, ජන්ග්කුක්ගෙ ගෙදරටම යන්න තරම් ටේහ්‍යොන්ග් මෝඩ/නිර්භීත වුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Hikayelerin yaşadığı yer. Şimdi keşfedin