Chapter 23

1.9K 409 138
                                    

"බියර් එකක් බොනවද?" ටේහ්‍යොන්ග් ඇහුවම කල්පනාවක හිටපු ජන්ග්කුක් ගැස්සිලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"හ්ම්ම්... අහ් ඉන්න ඉන්න.. තමුසෙ එදා කිව්වා නේද බියර් බොන්නෙ නෑ කියලා. කොහොමද එතකොට.." ජන්ග්කුක් ඔරවගෙන ටේහ්‍යොන්ග් දිහාවට හැරෙද්දි ටේහ්‍යොන්ග් තේරුම් ගත්තා ජන්ග්කුක් මොකද්ද අහන්න යන්නෙ කියලා.

"මේවා යුන්ගි හ්‍යොන්ග්ගෙ බං.. උඹට බොරු කියලා මං මොනා ගන්නද?" ෆ්‍රිජ් එකෙන් බියර් ටින් එකකුයි සෝජු බෝතලෙකුයි අරගෙන ආපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට එහා පැත්තෙන් සෝෆා එකෙන් ඉඳගත්තා.

"ආහ්.." ටේහ්‍යොන්ග් දුන්නු බියර් ටින් එක අරන් ජන්ග්කුක් උගුරක් බීලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"ඔයා බියර් නොබී සෝජු බොන්නෙ?"

"බියර් තිත්තයි.. සෝජු එච්චරටම නෑ." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ඔලුව වැනුවා.

සෝජු උගුරු කීපයකින් පස්සෙ ඇඟ ‍රත්වේගෙන එන ගතියක් දැනෙද්දි ටේහ්‍යොන්ග් ටික ටික ජන්ග්කුක් ළඟට වුණා.

"ඒයි.. යනවා එහාට." සෝජු තරම් බියර් strong නැති නිසා ජන්ග්කුක් පොඩ්ඩක්වත් මත්වෙලා හිටියෙ නෑ. ඒ නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව ටිකක් එහාට තල්ලු කරා.

"කූ.. මට ඔයාව ඕනෙ." ජන්ග්කුක් තල්ලු කරත් සෝජු බෝතලේ බිමින් තියපු ටේහ්‍යොන්ග් අත්දෙකෙන්ම ජන්ග්කුක්ව බදාගත්තා. තඩි පැන්ඩෙක් වගේ ඇඟේ එල්ලිලා ඉන්න ටේහ්‍යොන්ග්ව තල්ලු කරලා දාන්න ශක්තිමත් කෙනෙක් උනු ජන්ග්කුක්ට බැරුවම නෙවෙයි. ඒත් කොල්ලට එහෙම කරන්න හිත දුන්නෙ නෑ.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now