Chapter 28

1.9K 392 224
                                    

"ජන්ග්කුක් මොකද්ද මේ විකාරේ?" ටේහ්‍යොන්ග් අහද්දි ජන්ග්කුක් ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ ළඟට යන්න හැදුවත් ටේහ්‍යොන්ග් ඉක්මනට නැගිටලා හිටගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්ග්කුක් මොකද්ද මේ විකාරේ?" ටේහ්‍යොන්ග් අහද්දි ජන්ග්කුක් ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ ළඟට යන්න හැදුවත් ටේහ්‍යොන්ග් ඉක්මනට නැගිටලා හිටගත්තා.

"මං ඔයාව සප්‍රයිස් කරන්නනෙ හැදුවෙ.. මම ලස්සන නැද්ද ඇයි?" ටේහ්‍යොන්ග්ගේ ප්‍රතිචාරයත් එක්ක ජන්ග්කුක්ගෙ මූණ මැලවුණා.
මොකද ජන්ග්කුක් මේ කරන්නෙ එයා ජීවිතේට කරන්න හිතපු දෙයක් නෙවෙයි. ජන්ග්කුක් ස්ට්‍රේට්.. ඒ වගේම ගර්ලි දේවල් වලට පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක්. ඒත් ටේහ්‍යොන්ග් වෙනුවෙන් එයා ඒ හැමදෙයක්ම අමතක කරා. මේ දැන් උනත් එයා කරේ ටේහ්‍යොන්ග් සතුටු වෙයි කියලා හිතපු දෙයක්. ජන්ග්කුක් කියන්නෙ gay relationship ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් එයා ගොඩක් දේවල් දැනගත්තෙ google search කරලා. මේක උනත් එයා දැකපු විදිහට ගොඩක් gay couple කරපු දෙයක්. ඒ වීඩියෝස් වල ටොප්ගෙ ප්‍රතිචාරය හොඳ උනු නිසා ජන්ග්කුක් හිතුවෙ ටේහ්‍යොන්ග්නුත් මේකෙන් සතුටු වෙයි කියලා. ඒත් ජන්ග්කුක් බලාපොරොත්තු උනාට වඩා ටේහ්‍යොන්ග්ගේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ජන්ග්කුක්ට අඬන්න ඕනෙ උනේ නෑ. ඒත් ටේහ්‍යොන්ග්ගේ මේ ප්‍රතික්ෂේප කිරීම ලොකු ලැජ්ජාවක් විදිහට දැනෙද්දි කොල්ලට නිකන්ම ඇඬුණා.

"බේබි.. ඔයා කොහොමත් ලස්සනයි. මේ ඇඳුමටත් ඔයා ගොඩක් ලස්සනයි.. ඒත්... ඒත්.. ඔයා තනිකරම ගෑණු ළමයෙක් වගේ.. ම්..මට හරිම.. uncomfortable.. ඔයා දන්නවනෙ මම ස්ට්‍රේට් නෙවෙයි ඉතින්.. මම.. මට ඔයාව ඔහොම දැක්කම කෙල්ලෙක් වගේ පේන්නෙ... ඒත්.. ඒත් ම..මං කෙල්ලන්ට කැමති නෑ... ඒකයි.. නැතුව ඔයාගෙ අඩුපාඩුවක් නෙවෙයි." ජන්ග්කුක්ගෙ ඇස් වල කඳුලු දකින්න බැරි නිසා ටේහ්‍යොන්ග් වචන පටලව පටලව පැහැදිලි කරා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now