Chapter 30

1.6K 385 167
                                    

"තමුන්ගෙ අප්පා කෝල් කරන්නෙ.. අවශ්‍ය දේ විතරක් කතා කරලා ෆෝන් එක ආපහු දෙනවා." ජන්ග්කුක්ගෙ අතට ජන්ග්කුක්ගෙ ෆෝන් එක දෙන ගමන් මින්ජුන්ගෙ මැරයෙක් කිව්වම ජන්ග්කුක් ඒ මනුස්සයට රවලා ෆෝන් එක උදුරලා ගත්තා.

"හෙලෝ අප්පා.."

"කොහෙද ඉන්නෙ?"

"ම්-මං පොඩ්ඩක් එළියට ආවා අප්පා."

"හ්ම්ම්.. ගොඩක් වෙලා යයිද? මම ඔයාව බලන්න ඔයාගෙ ගෙදර ඇවිත් ඉන්නෙ. මීරාවත් ගෙදර නැති නිසා මම කෝල් කරේ.."

"මීරා ඔම්මා නිවාඩුවක් ඉල්ලගත්තා අප්පා.."

"ඒත් මම කියලා තියෙයි මීරාට ඔයාව තනිකරලා දාලා කොහෙවත් යන්න එපා කියලා." ජන්ග්කුක්ට එයාගෙ අප්පගෙ වෙනසක් තේරුණා. අප්පා මේතරම් හොඳින් කවදාවත් ජන්ග්කුක්ට කතාකරලා නෑ.

"අප්පා මීරා ඔම්මට කෝල් එකක් දීලා එන්න කියන්න එහෙනම්.. මම මඟ ඉන්නෙ.. අප්පට පුළුවන් නම් මම එනකම් ඉන්න." ජන්ග්කුක් ඒ වෙලාවෙ එයාගෙ කපටි මොලේ පාවිච්චි කරා.

"ම්ම්.. මම ඉන්නම් එහෙනම් ඔයා එනකම්."

"අප්පා ඔයාට පුළුවන් නම් මාත් එක්ක ටිකවෙලාවක් කතා කරන්න පුළුවන්ද?"

"ඒ මොකද.. මගෙ කොල්ලා දුකින්ද?"

"හ්ම්ම්.."

"අර තමුන්ගෙ ඩැඩී කියපු මනුස්සයා ඔයාගෙ හිත රිද්දලා තිබ්බොත් නම් මගෙන් සමාවක් නම් නෑ පුතේ ඒ මනුස්සයට." හ්‍යුන්සුක් කියද්දි ජන්ග්කුක්ට හිනාගියා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now