Chapter 11

1.8K 392 320
                                    


"ඒයි.. එනවා යන්න." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කාමරේට එද්දි ජන්ග්කුක් බිම ගුලිවෙලා නිදාගෙන හිටියෙ. මොනා උනත් ජන්ග්කුක්ව එහෙම දකිද්දි නම් ටේහ්‍යොන්ග්ට පව් කියලා හිතුනා.

"ම්ම්හ්.. තව ටිකක් මීරා ඔම්මා.." ජන්ග්කුක් නිදිමතේම මුමුණලා අනිත් පැත්ත හැරුණා.

"මීරා ඔම්මා?? ජන්ග්කුක්ගෙ අම්මද? ඒත් මට මතක හැටියට නම් ජන්ග්කුක්ගෙ ඔම්මගෙ නම වෙන එකක්." එහෙම හිතන ගමන් ජන්ග්කුක්ව නැගිට්ටවන්න කියලා උස්සපු කකුල ආයෙමත් බිමින් තියලා ටේහ්‍යොන්ග් ජන්ග්කුක් ළඟට පාත්වුණා.

"ඒයි.. නැගිටිනවා.. ගිහින් වොශ් එකක් දාගෙන කාලා නිදාගන්නවා." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ඇඟ හොලවන ගමන් කතා කරද්දි ජන්ග්කුක් ඉක්මනට නැගිට්ටා.

"යාහ්, ගන්නවා මගෙ ඇඟෙන් අත අහකට." ටේහ්‍යොන්ග්ගේ අත විසික් කරපු ජන්ග්කුක් රවලා කියද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා.

"මෙහෙ එනවා යන්න.. ගිහින් නාගෙන ඉන්නවා. තමුසෙගෙ මූණ වත් හරියට පේන්නෙ නෑ දූවිලි වලින් වැහිලා."

"මං කිව්වෙ නෑනෙ මාව දූවිලි ගොඩකට අතාරින්න කියලා." ජන්ග්කුක් අනිත් පැත්තට කියලා දැම්මම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා කොල්ලව නැගිට්ටවගත්තෙ ජන්ග්කුක් එක්ක කතාකරලා දිනන්න බෑ කියලා ඒ වෙද්දි ටේහ්‍යොන්ග් තේරුම් අරගෙන හිටපු නිසා. ඊටපස්සෙ ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කාමරේට එහා පැත්තෙන් තිබුණු එයාගෙයි සුගාගෙයි කාමරේට ගියේ ජන්ග්කුක්වත් ඇදගෙන.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now