"එහෙනම් ඉතින් අපි කොල්ලව ගෙදර යවමු." හොබී කියද්දි කට්ටියම හොබී දිහා බැලුවා.
"නෑ ඉතින්.. ඇත්තටම ජන්ග්කුක්ගෙ වැරැද්දකුත් නැත්නම් එයා එයාගෙ අප්පගෙ වැඩ වලට කැමතිත් නැත්නම් අපිට පුළුවන්නෙ කොල්ලට අපි ගැන කියන්නෙපා කියලා ආපහු ගෙදරට ගිහින් දාන්න." හොබී කියපු දේ වැරැද්දක් නෑ කියලා අනිත් අයටත් ඒ වෙලාවෙ තේරුණා.
"ඒක ඇත්ත.. ඒත් එහෙමයි කියලා අපිට කොල්ලව එකපාරටම යවන්නත් බෑනෙ. කවුද දන්නෙ කොල්ලා ගියපු ගමන් අප්පා ලව්වා අපි සෙට් එකව අල්ලලා හිරේ දායිද කියලා.. " සුගා කියද්දි කට්ටියම ඔලුව වැනුවා.
"ඇත්ත.. මොනා උනත් අපිට අමතක කරන්න බෑ ඒ ඉන්නෙ ජනාධිපතිගෙ පුතා කියලා. එයා කියන දෙයක් සාක්ශි නැතුව උනත් කට්ටිය පිළිගනියි." ජිමින් සුගා එක්ක එකඟවුණා.
"අපිට පුළුවන් ජන්ග්කුක්ට කෝල් එකක් ගන්න චාන්ස් එකක් දෙන්න. මගෙ ළඟ ඇති private number එකක්." ටේහ්‍යොන්ග් යෝජනා කරාම නම්ජුන් ටික වෙලාවක් කල්පනා කරා.
"හරි.. අපි ජන්ග්කුක්ට කෝල් එකක් ගන්න දෙමු. එයා ඇත්තටම මිසිස් මීරාට ගත්තොත් මිසිස් මීරා කියපු කතාව ගැන අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. අනික ඒ නම්බර් එක ගැන හොයන්න කියලා පොලිසියට දුන්නොත් කොහොමත් මට ඒක අහුවෙන නිසා බයක් වෙන්න දෙයක් නෑ."
කට්ටියම ජන්ග්කුක්ට කෝල් කරන්න කලින් කියන්න ඕනෙ දේවල් ගැන කතාවෙවී ඉද්දි ජන්ග්කුක්ගෙ කාමරේ දොර ඇරුණා. ඒ නිසා කට්ටියම කතාව නවත්තලා තාමත් නිදිමතේ ඇවිදගෙන එන ජන්ග්කුක් දිහා බැලුවා. කොල්ලා නිදිමතේම ඇවිත් ජිමින්ගෙ එහා පැත්තෙන් ඉඳගත්තෙ ජිමින්ට තුරුල් වෙන ගමන්. ජිමිනුත් ජන්ග්කුක්ගෙ ඉනවටේට අත දාලා කොල්ලව තව ටිකක් ළංකරගත්තෙ ඒ දිහා බලාගෙන හිටපු එක්කෙනෙක්ගෙ ඇස් ඊර්ෂ්‍යාවෙන් පිරිලා යන්න සලස්වලා. නෑ ටේහ්‍යොන්ග් නෙවෙයි.. ඒ ජිමින්ට හිතින් ආදරය කරන අසරණ ප්‍රේමවන්තයා යුන්ගි.
YOU ARE READING
฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Taekook||
Fanfictionකළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුව...