Chapter 16

2K 435 178
                                    

"ආආආආ... ඇයි මං ඒ වගේ මෝඩ වැඩක් කරේ??" ජන්ග්කුක් කොණ්ඩෙ ඇදගන්න ගමන් කෑගැහුවෙ ඊයෙ රෑ සිදුවීම ආයෙ ආයෙමත් මතක් කරමින්.

"ආහ්, ඒ මෝඩයා මං ගැන මොනා හිතුවද මන්දා." ජන්ග්කුක් හිටියෙ හරියට අඬන්න ඔන්න මෙන්න වගේ.

"ඒ..ඒත් ඇයි මට ඒ කිස් එක ගැන කිසිම නරක හැඟීමක් දැනෙන්නෙ නැත්තෙ? මං ස්ට්‍රේට් නම් මට පිරිමි කෙනෙක් කිස් කරාම පිළිකුලක් දැනෙන්න ඕනෙනෙ.. ආහ්.. මට මොකද මේ වෙලා තියෙන්නෙ." ජන්ග්කුක් කකුල් දෙක ගසන ගමන් ආයෙමත් ඇඳට වැටුණා.

ජන්ග්කුක් පහුවදා උදේ නැගිට්ටම ඊයේ රෑ සිද්දවුණු දේවල් ආයෙමත් මතක් වෙද්දි කොල්ලට වලක් හාරන් වැලලෙන්න තරම් හිතුණා. ලොකුවට මත් වෙලා හිටියෙ නැති නිසා ඊයේ රෑ සිද්ද උනු සිදුවීම ජන්ග්කුක්ට සම්පූර්ණයෙන්ම වගේ මතක තිබුණා. ඒ නිසාම ටේහ්‍යොන්ග්ට වැරැද්දක් පටවන්නත් බැරිවෙද්දි ජන්ග්කුක්ට දැනුනෙ ටේහ්‍යොන්ග්ට මූණදෙන්න බැරි ලැජ්ජාවක්.

ඒත් ඉතින් මුළු දවසම කාමරේට වෙලා හැංගිලා ඉන්නත් බැරි නිසා ජන්ග්කුක් අන්තිමේදි මූණ හෝදගෙන එළියට යන්න තීරණය කලා. ටේහ්‍යොන්ග්ගේ කාමරෙන් ඇහුණු සද්ද වලට අනුව ටේහ්‍යොන්ග් වැඩට යන්න ලෑස්ති වෙනවා කියලා තේරුම් ගත්තු ජන්ග්කුක් ඉක්මනට කිචන් එකට දිව්වෙ ටේහ්‍යොන්ග් යන්න කලින් breakfast රෙඩි කරන්න.

නෑ වැරදියට හිතන්න එපා. ටේහ්‍යොන්ග්ට උයන්න බැරි නිසා තමයි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ටත් එක්ක කෑම ලෑස්ති කරන්නෙ. ඒ වෙද්දි ටේහ්‍යොන්ග් වැඩට යන්න කලින් දෙන්නම එකට breakfast ගන්න එක පුරුද්දක් වෙලා තිබුණු නිසා තමයි ජන්ග්කුක් ඉක්මනට කිචන් එකට දිව්වෙ. එයා අද නැගිටින්න පරක්කු නිසා ජන්ග්කුක් sandwich හදලා ඉවරවෙලා ටේහ්‍යොන්ග්ටයි එයාටයි කිරි වීදුරු දෙකකුත් හදලා කෑම මේසෙ ලෑස්ති කරා. වෙනදට ටේහ්‍යොන්ග් එනකම් බෙරිහන් දෙන ජන්ග්කුක් අද නිහඬවම ටේහ්‍යොන්ග් එනකම් බලාගෙන ඉන්න තීරණය කරලා තිබුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now