Chapter 4

1.9K 434 232
                                    


හොබී එක්ක ක්ලබ් එකට ආපු ටේහ්‍යොන්ගේ ඇස් ඈත ඉන්න ජන්ග්කුක් දිහාවට කෙලින්ම යොමුවෙලා තිබුණා.

හොබී ක්ලබ් එකට ආපු ගමන්ම කෙල්ලෙක්ව සෙට් කරගෙන dance floor එකට යද්දි ටේහ්‍යොන්ග්ගේ තියුණු ඇස් ජන්ග්කුක්ගෙ හැම ඉරියව්වක් දිහාම පරීක්ෂාවෙන් බලාගෙන හිටියා.

ඔව්, ටේහ්‍යොන්ග් ක්ලබ් එකට ආවෙ ජන්ග්කුක්ව බලන්න. හැබැයි ඒ ටේහ්‍යොන්ග්ගේ හිතේ ජන්ග්කුක් ගැන කැමැත්තක් තිබුණු නිසානම් නෙවෙයි. ටේහ්‍යොන්ග් දැන් සතියක විතර ඉඳන් ජන්ග්කුක් ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලා සුගාට භාරදීලා තිබුණේ. ඒ වගේම ටේහ්‍යොන්ග්ගේ මේ වැඩේ ගැන දැනගෙන හිටපු එකම කෙනා උනෙත් සුගා. ටේහ්‍යොන්ග්ට ඕනෙ උනේ කොහොමහරි ජන්ග්කුක්ගෙ වැරැද්දක් හොයාගන්න. ඒ මාර්ගෙන් ජනාධිපතිව කොටුකරගන්න එක තමයි ටේහ්‍යොන්ග්ගේ ඉලක්කය වුණේ. ඒත් ඉතින් හැමදාම වගේ අදත් ටේහ්‍යොන්ග්ගේ උත්සාහය ව්‍යර්ථ උනේ ජන්ග්කුක් සුපුරුදු පරිදිම විස්කි වීදුරුවක් බොන ගමන් ඩාන්ස් කරා ඇරෙන්න වෙන කිසිම නීති විරෝධී දෙයක් කරපු නැති නිසා. ජන්ග්කුක් ඉඳලා හිටලා එයාගෙ වටේ ඉන්න කෙල්ලෙක්ව කිස් කරත් එතනින් එහාට නොගියේ ටේහ්‍යොන්ග්ගේ කෝපය ඒකෙන් ඇවිස්සෙද්දි. මොන කොල්ලද ක්ලබ් එකකට ඇවිත් කෙල්ලෙක්ව නිකන් කිස් කරලා විතරක් නිකන් ඉන්නෙ? ටේහ්‍යොන්ග් හිතුවෙ එහෙම.

"Hey babe.. wanna dance with me?" කෙල්ලෙක්ගෙ කටහඬක් කන ළඟින්ම ඇහෙද්දි ටේහ්‍යොන්ග්ගේ අවදානය ඒ වෙතට යොමුවුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now