Chapter 8

1.8K 400 234
                                    

මඟක් ගියපු ටේහ්‍යොන්ග්ට දෙයක් මතක් වෙද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට කාර් එක පාර අයිනකට කරලා නැවැත්තුවා. කාර් එකෙන් බහින්න කලින් ටේහ්‍යොන්ග් වටේටම සුපරික්ෂාකාරීව බැලුවත් මධ්‍යයම රාත්‍රියට ආසන්න වෙලා තිබුණු ඒ වෙලාවෙ පේනතෙක් මානෙක කවුරුත් හිටියෙ නෑ. ඒ නිසා ඉක්මනට කාර් එකෙන් බැහැපු ටේහ්‍යොන්ග් පිටිපස්සෙ දොර ඇරලා බැක්සීට් එකේ කෙලවරකින් ඉඳගෙන ජන්ග්කුක්ගෙ කලිසම් සාක්කු චෙක් කරන්න ගත්තා. ජන්ග්කුක්ගෙ ෆෝන් එක හොයාගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ wallet එකත් අරගෙන ජන්ග්කුක්ගෙ බෙල්ලෙ තිබුණු නෙක්ලස් එක, කනේ earings වගේම ජන්ග්කුක්ගෙ අතේ තිබුණු බ්‍රේස්ලට් එකත් ගලවලා පැත්තකින් තිබ්බා. ඊටපස්සෙ කෝකටත් කියලා ජන්ග්කුක්ගෙ ශර්ට් එකයි ජැකට් එකයි දෙකත් ටේහ්‍යොන්ග් ගලවලා දැම්මෙ අඩ අඳුරෙත් දිලිසෙමින් තියෙන ජන්ග්කුක්ගෙ ඇත්දල පාට සිරුර දිහා නොබලා ඉන්න උත්සාහ දරමින්. නැවතත් ඔහුගේ හූඩි එක ජන්ග්කුක්ට අන්ඳවපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ boxer එක විතරක් ඉතුරු වෙන්න ජන්ග්කුක්ගෙ කලිසමත් ගලවලා අයින් කරා. උසේ වෙනසත් එක්ක ටේහ්‍යොන්ග්ගේ හූඩි එක ජන්ග්කුක්ට දිගට තිබ්බ හින්දා ජන්ග්කුක්ගෙ කකුල් වලින් සෑහෙන ප්‍රමාණයක් ඒකෙන් වැහිලා තිබුණා. ඒ නිසා කලිසමක් නැති එක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ජන්ග්කුක්ගෙ ඇඳුම් පැළඳුම් සේරම එක පොදියකට ඔතා ගත්තු ටේහ්‍යොන්ග් ආයෙමත් කා එකෙන් බැහැලා car doors සේරම ලොක් කරා. අතේ තිබුණු ඇඳුම් පොදිය අරගෙන පාරෙ ටිකක් එහාට ඇවිදගෙන ගියපු ටේහ්‍යොන්ග් ටිකක් එහායින් තිබ්බ පාලමක් ළඟින් නැවතිලා ජන්ග්කුක්ගෙ ඇඳුම් පැළඳුම් සේරම ප්‍රධාන මාර්ගයට යටින් ගලාගෙන ගියපු ගඟකට විසිකරා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now