Chapter 10

1.9K 411 510
                                    

"තමුසෙ.." එකපාරටම ආපහු හැරුණු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට කන පුරෝලා ගහද්දි සුගා ඉස්සරහට පැන්නත් RM සුගාව නැවැත්තුවා.

"උඹට මගෙන් මොනවද ඕනෙ මිනිහො? ආ කියපන් මගෙන් මොනවද ඕනෙ?" ටේහ්‍යොන්ග්ගේ ශර්ට් කොලර් එකෙන් අදින ගමන් ජන්ග්කුක් කෑගහද්දි ටේහ්‍යොන්ග් තුවාල උනු යටිතොල පිහදාලා ඇස් පාතට හරවලා එයාගෙ ශර්ට් එකේ එල්ලිලා එයා දිහා තරහින් රවාගෙන බලන් ඉන්න ජන්ග්කුක් දිහා බැලුවා.

"උඹ මගෙ වැඩ වලට අත නොදා පාඩුවෙ හිටියා නම් මට උඹව කිඩ්නැප් කරන්න ඕනෙ වෙන්නෙ නෑ කියලා උඹේ ඔය පුංචි මොලේට කියලා දීපන්."

"ත්..තමුන් තමුන් කොහොමද මේ රටේ ජනාධිපතිගෙ පුතාව කිඩ්නැප් කරන්නෙ?? ආ.. තමුසෙට කොහෙන්ද එච්චර හයියක්?" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොලර් එකේ එල්ලිලා කෑගහද්දි ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා කකුල් වලින් ටිකක් නැමිලා ජන්ග්කුක්ගෙ හූඩි එකේ යටින් අල්ලගෙන හූඩි එක පාතට ඇද්දා. ජන්ග්කුක්ට වඩා ටේහ්‍යොන්ග් ටිකක් උස උනු නිසා ටේහ්‍යොන්ග්ගේ කොලර් එකේ ජන්ග්කුක් එල්ලිලා ඉද්දි ජන්ග්කුක් ඇඳගෙන හිටපු හූඩි එකත් උඩට ඇදිලා තිබුණු නිසයි ටේහ්‍යොන්ග් එහෙම කරේ. ටේහ්‍යොන්ග්ගේ ක්‍රියාවත් එක්ක ඇඟිලි තුඩු වලින් ඉස්සිලා හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොලර් එක අතෑරලා ඉක්මනට පැත්තකට උනා. ඒ කම්මුල් යාන්තමට රෝස පාට වෙලා ගියේ එයා කට්ටියම ඉස්සරහ ටේහ්‍යොන්ග්ගේ හූඩි එක විතරක් ඇඳගෙන ඉන්නවා කියලා මතක් උනාටත් වඩා ටේහ්‍යොන්ග් කරපු වැඩේ නිසා කියලා දැනගෙන හිටියෙ ජන්ග්කුක්ගෙ හිත විතරයි.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now