Chapter 06

1.4K 420 127
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක් , ජිමින් එක්ක living area එකට ගියා.

Jk-" මොකක් ? "

ජන්කුක්ගේ ඇස් තවමත් විශ්වාස කරන්න බෑ. ටේහ්‍යුන්ග් සාලේ සෝෆා එකේ වාඩි වෙලා.

දැං පාරේ එයා දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග් විනාඩි ගානක් ඇතුලත එයාලගේ සාලේ වාඩි වෙලා යුන්ගි එක්ක කතා කර කර ඉන්නවා ?

නෑ ... එච්චර වේගයක් නම් කාටවත් තියෙන්න විදියක් නෑ.

Yg-" Baby ඔයා උදේ ඉදන් ඇහුවා නේද කීයටද ටේහ්‍යුන්ග් uncle එන්නේ කියලා... ඔන්න එයා ඇවිත්... "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා ජන්කුක් දිහා බලන් හිටියා.

TH-" එයා මං එනකන් බලන් හිටියා ? "

Yg-" ඔව්... පැය ගානක්ම ඔයා එනකන් බලන් හිටියා....."

ටේහ්‍යුන්ග් හිත යටින් හිනා උනා..

' මං එයා එනකන් අවුරුදු ගානක් බලන් හිටියා මිස්ටර් යුන්ගී... '

Jk-" I'm not "

ජන්කුක් , කිසිම සතුටක් නැතුව කතා කරේ. ටේහ්‍යුන්ග් දකින තප්පරයක් ගානේ එයාට මතක් වෙනවා රතු කොට ගවුම ඇදගත්ත ගෑනු ලමයා ටේහ්‍යුන්ග්ගේ අත බදාගෙන building එක ඇතුලට ගිය විදිය.

Jk-" Anyway .. ආයෙත් දකින්න ලැබුන එක සතුටක් මිස්ටර් කිම් .. "

ජන්කුක් ඔලුව පාත් කරලා ආචාර කරලා ජිමින් පැත්තට හැරුනා.

Jk-" Mumma... මං කාමරේට යනවා.. මට මහන්සි... "

ජන්කුක් , ජිමින්ගේ කම්මුලට හාදුවක් දෙන්න ඉස්සුනත් ජිමින් ජන්කුක්ගේ කනට ලං වෙලා යුන්ගිට ඇහෙන් නැති වෙන්න කෙදිරුවා.

The Choice Where stories live. Discover now