Chapter 43

1.2K 391 161
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

Im back !

================================

"සර් කොයි බීම වර්ගෙන්ද ඕනේ , ආස ෆ්ලේවර් එකක් තියනවද ? "

ගෑනු කෙනා එතන තිබ්බ පාට පාට බීම බෝතල් දිහා බලාගෙන ඇහුවා.

" මට අර රතු පාට බීම එකක් ඕනේ "

TH-" රතු පාට බීම එක "

ටේහ්‍යුන්ග් රතු පාට බෝතලේ දිහා බලාගෙන , ඒක ඉල්ලනවත් එක්කම තව කවුරු හරි ඒ බීම එකම ඉල්ලුවා.  ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා බැලුවේ කවුද ඒ කියලා.

මොකද එතන තිබ්බේ රතුපාට එකම එක බීම බෝතලයයි. ඒ වගේම ඒ කටහඩ ... ඒක හුරතල් පොඩි කටහඩක් .

එතන හිටියෙ පොඩි බබෙක්. එයා ටේහ්‍යුන්ග්ගේ දණිස්ස ලගට විතර උස ඇති. එයාත් ඒ බීම බෝතලේම ඉල්ලනවා. ඒත් මේ ටේහ්‍යුන්ග්ගේ ඕඩර් එක.ටේහ්‍යුන්ග් පොඩි බබා දිහා බලාගෙන හිටියා

පොඩි බබාත් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් බබාගේ ඇස් මග ඇරලා ආයෙත් කැශියර් එක ලග හිටපු ගෑනු කෙනා දිහා බැලුවා.

TH-" ම්ම්ම්හ් .. මට මගෙ බඩු ටික දෙන්න "

" සර්.. බීම එකත්~~~"

TH-" ඔව්.. ඒකත් එක්ක තමා . මං ඕඩර් කරපු බඩු ටික දෙන්න "

ගෑනු කෙනා බීම බෝතලෙත් අතට අරන් බාර් කෝඩ් රීඩර් එකට අල්ලන්න හැදුවා.

" අහ් ? ඒ බීම එක මගෙ .. ඒක මට ඕනේ "

පුංචි බබා කෑ ගැහුවා .

TH-" ඒක මගෙ බීම ඕඩර් එක "

ටේහ්‍යුන්ග් පොඩි බබා දිහා බැලුවා .

The Choice Where stories live. Discover now