04

1.3K 218 26
                                    

" ඈ කොල්ලො උඹලා ගම වටේ රවුන් ගහන්නෙ . පාඩම් කරන්නෙ නැද්ද " ගෙට ගොඩ වෙනකොටම ඉස්සරහට හම්බුනේ වෙන්දටත් කලින් ගෙදර ආපූ අප්පච්චිව

" කරනවා කරනවා අනේ .. මොකෝ ඔයා අද කලිම්ම "

" ඔලුව රදයක් ඇල්ලුව තං අප්පු "

" අයියෝ...අප්පච්චි ඕක නවත්තන්නකො අප්පා එපා වෙනවනේ "

" මොකද්ද බං ඒකෙ තියෙන එපා විල්ල "

" කොහොමද ඕක කටක් ඇරලා කියන්නෙ "

ඇයි අප්පා පිට එකෙක් ඉස්සරහා කිව්වොත් මගෙ සායමත් එක්ක ලෙෆ්ට් නේ . මට හොද වැඩේ හිච්චා කාලේ අහවල් එකා හොය හොය ගියාට .

" ඇයි බන් ඉතින් මන් මේ කියන්නෙ "

අප්පච්චි ගෙත් කින්ඩිය . හහ් තේරෙයි මන් නැති දවසක හුහ් !!

" විකාර . මන් යනවා ලෑස්ති වෙන්ඩ "

තවත් මෙතන්ට වෙලා හිටියොත් මගෙ ජොබ් කට්ටත් ගහලා යයි... ආව්ස් කොල්ලගෙ ලස්සන . මෙච්චර හැන්ඩි කොල්ලෙක්ටනෙ අප්පච්චි මේ කුණුහරුප කියන්නෙ .

" මන් යනවා. "

" අනේ ඇත්තමයි කොල්ලො උබ කවද්ද බන් ඔය බේබද්දො අස්සෙ රිංගිල්ල නවත්තන්නෙ . විභාගෙටත් තව මාස කීයද උබට ඒ ගැන වගක් වත් නෑනෙ "

" නවත්තන තිබ්බා . ලංකා බැංකුවට ගිහින් අප්පච්චිගෙ නම කිව්වම සල්ලි දුන්නා නම් "

ඇයි හත්වලාමේ අහිංසක මගෙ අහිංසක ජොබ් එකටනෙ මේ කැත කතා කියන්නේ...

" ඔව් ඔව් ගිහින් කියාපන් දෙයි උබට අඩගහලා  "

" මන් යනවා  . බුදු සරණයි "

" මූට කිව්වට වැඩක් නෑ අප්පච්චි "

ඔන්න මදි පාඩුවත් එකතු උනා . මන් අප්පච්චිට වැදලා එනකොට කොහෙදෝ ඉදපු චේතනයත් අප්පච්චිට එකතු වුණා. අප්පච්චි ත් එකයි චේතත් එකයි. දෙන්නම දෙහි කපන්න ගත්තම ඉවරයක් නෑ කියවනවා කියවනවා. හොද වෙලාවට තාම මට ගෑනියෙක් නෑ  . නැත්තන් මේ දෙන්නටම හරියන්න ඒකිත් කියවන්න ගත්තම මට වෙන්නෙ ඔලුව නැති කවන්දේ වලල ගන්න පොල් කට්ටෙන් වලක් හාරන්න තමයි . 

ඒක දිග කතාවක් Where stories live. Discover now