73

782 138 42
                                    

දවස පුරාම එලියේ ගත කරපු අපි ආයෙම රෑ වෙලා ගියෙ ඊයෙ ගියපු ක්ලබ් එකට .සුපුරුදු තැනට ගිහින් ඉදගන්න හැදුවත් මාමා කිව්වෙ ඇතුලට යමු කියලා .

ඇතුලට !! ඇතුලට කියලා මාමා අපිව එක්ක ගියේ රූම්ස් තියෙන පැත්තට . කිව්වත් වගේ අද නම් යම්කිසි දෙයක් වෙයි වගේ ..

අපි කාමරේක දොරත් ඇරගෙන ඇතුලට යනකොට කාමරේ ඇතුලේ හිටපු  කීප දෙනෙක් අපි දිහා හැරිලා බැලුවා .

බයත් හිතෙනවා යකෝ ..මන් අල්ලගෙන හිටපු සුද්දව මගෙ ලගට ඇදලා ගත්තා . ඇත්තටම ඇයි මන් මේ පොඩි එකාව අරගෙන ආවේ ..මන් මාමා දිහා බැලුවා .

"මොකො චණ්ඩියා බය වෙලාද " මාමා මගෙ කොණ්ඩෙත් අව්ල් කරලා අහනකොට මන් රැව්වා .

"බය වෙන්න දෙයක් නෑ බන් . උබට තියෙන්නෙ අත්සනක් දාන්න විතරයි "

"අත්සනක් ඒ මොකටද "

මාමා බැලුවේ එහා පැත්තෙ හිටගෙන හිටපු නිල්පාට හූඩි එකක් දාගෙන හිටපු මනුස්සයා දිහා වට . 

හූඩි එකේ කැප් එක ගලවලා මා දිහා බලපු මනුස්සයා දිහා මන් බැලුවේ ඇස් දෙකක් ලොකු කරගෙන .

"ශේශාන් ..!! "

මේ මනුස්සයා මොකද මෙහෙ කරන්නෙ .. අනික අතකතුත් එල්ලගෙන .

මාමා දිහා බලලා ඔලුව වැනුවාම මාමා මට විස්තරේ කිව්වා ...
.
.

"මට බෑ " මන් ගත් කටටම කිව්වා . ඇයි ඔය මිනිහට කට නැද්ද මට ඕක කියන්න .

"අපිට පොඩි වෙලාවක් දෙන්න "

එහෙම කියලා එයා මාවත් අතකින් ඇදගෙන ගියේ වොශ් රූම් එකට .

"ඇයි දැන් උබ බෑ කියන්නෙ "

මන් මුකුත් නොකියා එයා දිහා බලන් උන්නා . මෙච්චර දෙයක් වෙලත් මම දන්නෙ නෑ ..

"බැරි නිසා "

"යශෝදර මේ උබ මට කියලා කට තලා ගන්න ලෑස්ති වෙන්න එපා හරී "

එයා මගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ල ගත්තා..

" උඹ ශේශාන් ගැන දන්නවා උනාට මන්ධීර් ගැන දන්නෙ නෑනේ .. "

"මන්ධීර් ගැන ගිහින් උබලගේ මාමා ගෙන් අහගනින් "

"දැන් ගිහින් කටවහගෙන අරක අත්සන්  කරපන් "
.
.
.
.
.
.

ඒක දිග කතාවක් Where stories live. Discover now