47

804 151 11
                                    

මේ මනුස්සයා මොන මගුලක් කරනවද . අක්කා කාලද බලලා එන්නම් කියලා ගියා ගියාමයි විනාඩි දහයක් විතර වෙනවා තාම නැ .

"ඒ ගමන උබ කොහෙද යන්නෙ " ශේන් අයියා නැගිටපු මන් දිහා බලලා ඇහුවා .

"සුද්දව බලලා එන්නම් "

"කීයක් ඔට්ටුද !! එන්නම් කියලා ඔය ගියාට දෙන්නගෙන් එකෙක් වත් හෙට උදේ වෙනකන් අපිට අය දකින්න වෙන්නෙ නෑ "

මන් ගෙට ගොඩ වෙනකොට ලාවටලාවට මිදුලෙන් නේතන් අයියගෙ කටහඩ ඇහුනා . මිනිහගෙ ඇල්කොහොල් ටෝලරන්ස් එක් නම් අන්තිමයි   . බියර් කෑන් එකෙන් බිම .

පඩි පෙළ නැගගෙන ගිහින් දකුනු පැත්තට වෙන්න තිබුනු කාමරේ ඉස්සරහා නතර උනේ මොනා උනත් කාමරේකට කඩාගෙන බිදගෙන යන එක හරි නැති නිසා . ඇයි දැම් මන් මෙතන නැවතුනේ . මන් ආවේ සුද්දව බලන්න යන්න නේ . මගේ හිත මගෙන්ම අහනවා. හරි හරී ඉතින් මෙතන නැවතුන එකේ අක්කණ්ඩි කාලද බීලද කියලත් බලලාම ගියාම මොකො . මන් මගේ හිතත් එක්කම වාද කර කර දොරට තට්ටු කරන්න හැදුවත් අඩවල් කරලා තිබුණ දොර බාගෙට ඇරුනා .

දෙයියනේහ් මේ මොකද මේ !! මාව ගල් ගැහුනා වගේ . කාමරේ මැද මට පිටුපාලා ශේශාන් සර් හිටගෙන ඉන්න කොට එයා ඉස්සරහා අක්කා හිටගෙන බලාගෙන උන්නා . ඒකත් සුදුපාට බාත් රොබ් එකක් අක්කගෙ පය පාමුල බිම වැටිලා තියනකොට අමු නිරුවතින් .

ගල් වෙලා තිබ්බ එක කකුලක් කොහොම හරි උස්සගෙන මන් එතනින් හැරුනේ තාමත් ඒ උනේ මොකද කියලා හිතා ගන්න බැරුව . දෙයියනේ මන් ඒ මොනාද දැක්කේ . මට වෙරිද ??නෑනේ වෙන්න බෑ මන් මේ ඉන්නෙ හොදට . ඒ කියන්නෙ මන් ඒක දැක්කෙ ඇත්තටම .මොන විකාරයක් ද මේ මිනිහා මේ කරන්නෙ .

ශේශාන්  pov

මන් ආයෙම ගාඩ්න් එකට යනකනුත් කට්ටිය එතන කියවනවා . යශෝදර ඉදන් හිටපු පුටුව හිස් කියලා ඈත් තියාම පෙනුනත් මන් වැඩිය නොහිතා  එතනටම ගියා.

"හත්තික්කේ මේ මොකද මේ " චූටි එක පාර කෑ ගැහුවා .

"ඇයි මොකද උනේ . කෝ යශෝදර "

එතකොට කට්ටියම පුදුමෙන් වගේබැලුවේ මන් දිහා .

"අයියේ ඌ දැන් විනාඩි දහයකට වගේ කලින් ගෙට ගියානේ "

ඒක දිග කතාවක් Where stories live. Discover now