70

859 148 23
                                    

"කොහොමද නැන්දම්මා වෙන්නෙ ආ ..මන් තමුසෙට තාම කැමත්ත දුන්නෙ නෑ නේ "

මට ඉස්සරහ වාඩි උන බාප්පා ආයෙම පරල වෙලා කෑගැහුවා වෙනකොට මාමා හෙන නසරාණි හිනාවක් දාලා බාප්පගෙ මූණට එබුනා .

"තාම දුන්නෙ නෑ  කියන්නෙ කැමැත්ත දෙන්නද ඉන්නෙ "

මාමා බාප්පාට කැමති ඒත් බාප්පා කැමති නෑ ..එහෙම සීන් එකක් ද මෙතන තියෙන්නෙ .

මන් තාමත් ඇස් දෙක ලොකු කරගෙන මාරුවෙන් මාරුවට දෙන්නගෙ මලවිකාර දිහා බලන් ඉන්නවා .

"මොකද උඹ "

එක පාර මාමා මගේ පැත්ත හැරුනයින් මාව ගැස්සුනා .

"අ.ආහ්..!!"

"ඕක කාපන් කට බලියගෙන ඉන්නෙ නැතුව "

අනේ අම්මා පා මාමා ට පොඩ්ඩක් සංවරව හැසිරෙන්න බැරිද ක්‍රශ් එක ඉස්සරහදිවත් .එක්කො එක අතකට තමන් කැමති මනුස්සයට වෙන වෙන් චරිත පෙන්නලා හරියන්නෙ නෑ නේ බොරුවට  .

මන් ඔලුව වන වන කෑම එක දිහා බැලුවා . චිකන් කොත්තුවක් . මන් ආසම කෑමක් ඒ උනාට කන්න හිතක් නෑ . මන් හැන්දෙන් කෑම එක කූරු ගගා හිටියා .

එපා වෙනවා අප්පා නිදි මතයි . මන් දුකින් ඉන්න වෙලාවට නැත්තන් හිත රිදිලා ඉන්න වෙලාවට මට නිදි මත හැදෙනවා . නෑ මෙහෙමයි මට ඕනෙ වෙලාවක ඕනෙ තැනක නිදා ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා . ඒ උනාට හිත රිදුන වෙලාවට නිකන්ම නිදිමත හැදෙනවා . මෙව්වා අමුතු ලොජික් ..

කොහොම හරි කටවල් දෙකතුනක් කාලා අපි ගෙදර එන්න ආවා .. බාප්පත් මාමට ඇනුම් පදයි පල නොකියා පලා බෙදලයි ආයෙම එයාගෙ යාලුවො ලගට ගියා . අනේ මන්දා මුන් දෙන්නා නම් .

ඇත්තටම මේ දෙන්නා සම්බන්දයක් පටන් ගනීද .මාමා ඇත්තට ම බාප්පට කැමති ඇතිද .ඕක පටන් ගත්තත් තුන්වෙනි ලෝක යුද්දේ වගේ තියෙයි වගේ .අනේ මන් දා .

එපා වෙනවා අප්පා..

ගෙදර ඇවිත් ආයෙමත් නාලා මන් ඇදට වැටුනා ..

කල්පනා කර කර ඉදලා නින්දට වැටුන මට අඩ නින්දෙදි උණුසුම ක් දනුනා වගේම ..මාත් තව තව හොදට හරි බැරි ගැහිලා නිදා ගත්තා.එලියේ වැස්සදත් මන් දා .

ඒක දිග කතාවක් Dove le storie prendono vita. Scoprilo ora